මිසියේ සීමාවට පැමිණි ඔවුහු බිතිනිය වෙත යන්නට උත්සාහ ගත් නමුදු, යේසුස්වහන්සේගේ ආත්මයාණෝ ඊට ද ඉඩ නුදුන් සේක.
පිලිප්පි 1:19 - සිංහල කාලීන පරිවර්තනය මන්ද ඔබගේ යාච්ඤා ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් දෙන ලද උපකාර ද නිසා, ඒ දෑ මගේ නිදහසට හේතු වන බැව් මා දන්නා බැවිනි. Sinhala New Revised Version ඔබගේ යාච්ඤා නිසා ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්ගෙන් මට ලැබෙන ආධාරය නිසා ද, මේ කරුණු මාගේ නිදහසට ඉවහල් වන බව මම දනිමි. Sinhala New Revised Version 2018 ඔබගේ යාච්ඤා නිසා ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්ගෙන් මට ලැබෙන ආධාරය නිසා ද, මේ කරුණු මාගේ නිදහසට ඉවහල් වන බව මම දනිමි. Sinhala Revised Old Version මක්නිසාද මේ කාරණය නුඹලාගේ ඉල්ලීමෙන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් ලැබීමෙන්ද මාගේ ගැළවීමට හැරෙන බව දනිමි. |
මිසියේ සීමාවට පැමිණි ඔවුහු බිතිනිය වෙත යන්නට උත්සාහ ගත් නමුදු, යේසුස්වහන්සේගේ ආත්මයාණෝ ඊට ද ඉඩ නුදුන් සේක.
තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, උන්වහන්සේගේ අරමුණට අනුව කැඳවනු ලැබූවන්ට, හැම දෙයක්ම යහපත පිණිස එකට ක්‍රියා කරන වග අපි දනිමු.
කෙසේ වෙතත්, දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ තුළ වසන සේක් නම්, ඔබ මාංසය තුළ නො ව, ආත්මයාණන් තුළ ය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් නැති කවරකු වුවත්, උන්වහන්සේට අයිති නැත.
හැම තැන හැම සභාවකම මා උගන්වන පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ මා අනුගමන කරන ප්‍රතිපත්ති ඔබට නැවත මතක් කර දීමට ස්වාමින්වහන්සේ තුළ මා ප්‍රේමණීය, විශ්වාසවන්ත දරුවා වන තිමෝති මා ඔබ වෙත එවන්නේ එබැවිනි.
බොහෝ දෙනකුගේ යාච්ඤා මඟින් අපට ප්‍රදාන කරන ලද ආශිර්වාද ගැන, අප හේතු කොට බොහෝ දෙනකු ස්තුති කරන පිණිස, ඔබත් යාච්ඤාවෙන් අපට උපකාර කළ යුතු ය.
ආත්මයාණන් ඔබට සපයා දෙන තැනැන්වහන්සේ ඔබ අතරේ හාස්කම් කරන්නේ, දහම් නීතියේ ක්‍රියාවලින් ද? නැතහොත් ඔබ ඇසූ දෑ ඇදහීමෙන් ද?
ඔබ පුත්‍රයින් නිසා දෙවියන්වහන්සේ, “අබ්බා පියාණෙනි” යි හඬ ගසන ස්වකීය පුත්‍රයාණන්ගේ ආත්මයාණන් අප හදවත්වලට එවූ සේක.
ඊට කමක් නැත; වැදගත් වන්නේ හැම අයුරකින්ම, වංක අරමුණින් වේවා, අවංක අරමුණින් වේවා ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරනු ලැබීමයි. මම ඒ ගැන ප්‍රීති වෙමි. ඔව්, මතු මතුත් ප්‍රීති වන්නෙමි.
ඔවුන් තුළ වූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේගේ වධ විඳීම් හා ඉන්පසුව සිදුවන තේජස ගැන කලින් සාක්ෂි දුන් කල, පෙන්නුම් කළේ කවරකු ගැන ද, කවර කාලයක් ගැනදැයි විපරම් කරමිනි.