ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




තීතස් 2:3 - සිංහල කාලීන පරිවර්තනය

එලෙසම වයස්ගත ස්ත්‍රීන් හැසිරීමෙන් ගරු කටයුතු වූ, අපහාස කතා නො කියන, අධික මිදි යුෂ පානයට ඇබ්බැහි නො වූ, එහෙත් ගුණදම් කියා දෙන තැනැත්තියන් විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එසේ ම වයස්ගත ස්ත්‍රීන් ද ශුද්ධ ජීවිතයකට ඔබින ලෙස හැසිරෙන, අපහාස නොනඟන, මත්පැනට ඇබ්බැහි නො වූ, යහපත් දේ උගන්වන අය විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එසේ ම වයස්ගත ස්ත්‍රීන් ද ශුද්ධ ජීවිතයකට ඔබින ලෙස හැසිරෙන, අපහාස නොනඟන, මත්පැනට ඇබ්බැහි නො වූ, යහපත් දේ උගන්වන අය විය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එසේම මහලු ස්ත්‍රීවරුන් ශුද්ධකමට ඔබිනලෙස හැසිරෙන, කේලාම් නොකියන, බොහෝ මුද්‍රිකපානයට නොවහල්වූ, යහපත් දේ උගන්වන්නාවූ තැනැත්තියන්ව සිටිය යුතුය.

පරිච්ඡේදය බලන්න



තීතස් 2:3
13 හුවමාරු යොමු  

සියලු ආකාර අධර්මිෂ්ඨකමින්, දුෂ්ටකමින්, තණ්හාවෙන් හා ද්වේෂයෙන් පුරවනු ලැබ සිටින ඔවුහු, ඊර්ෂ්‍යාවෙන්, මිනීමැරීමෙන්, කලහයෙන්, වංචාවෙන් හා ක්‍රෝධයෙන් පිරී සිටිති. ඔවුහු ඕපාදූප පතුරන්නෝ ය;


ශුද්ධවතුනට ඔබින ලෙස ස්වාමින්වහන්සේ තුළ ඇය පිළිගන්නා ලෙසත්, අවශ්‍ය වන හැම විටෙක ඇයට උපකාර කරන ලෙසත් ඉල්ලමි. මන්ද ඇය මටත්, තව බොහෝ දෙනකුටත් උදවු උපකාර කළ තැනැත්තියකි.


ලිංගික අනාචාරකම් හෝ කවර දුරාචාරයක් හෝ තණ්හාවක් හෝ පිළිබඳ සඳහනකුදු ඔබ අතරේ නො විය යුතු ය. ශුද්ධවන්තයින්ට ඒවා නොහොබනා ය.


ස්ත්‍රීන් ද එලෙස, ගරුත්වයෙන් යුත්, අපහාස කතාකාරියන් නො වූ, පමණ දැන ක්‍රියා කරන, කවර කාරියකදී වුව විශ්වාසනීය අය විය යුතු ය.


එසේම, උපස්ථායකයින් ද ගරුත්වයෙන් යුත්, දිව දෙකේ කතා නැති, බොහෝ මිදි යුෂවලට ඇලුම් නො වූ, අයුතු ලාභයට ගිජු නො වූවන් විය යුතු ය.


වතුර පමණක් බීමෙන් වැළකී, ඔබගේ උදර ආබාධ හා නිතර වන අසනීප නිසා මිදි යුෂ ස්වල්පයක් භාවිත කරන්න.


සභා නායකයා, දෙවියන්වහන්සේගේ කළමනාකරුවකු හෙයින් දෝෂ රහිත කෙනකු විය යුතු ය. ඔහු අහංකාර නො වූ, වහා නො කිපෙන්නා වූ, බේබද්දකු නො වූ, කලහකරුවකු නො වූ, වාසියට ගිජු නො වූ කෙනකු විය යුතු අතර,


එවිට තරුණ ස්ත්‍රීන් පුහුණු කරන්නට ඔවුනට පුළුවන; එනම්, දෙවියන්වහන්සේගේ වචනය අපකීර්තියට පත් නො වන ලෙස ඔවුන්ගේ පුරුෂයනට හා දරුවනට ප්‍රේම කරන්නටත්,


මේ වන විට ඔබ ගුරුවරුන්ව සිටිය යුතු වුව ද, දෙවියන්වහන්සේගේ කියමන්වල මූලික ප්‍රතිපත්ති ඔබට ඉගැන්විය යුතුව තිබේ. ඔබට ඕනෑ කිරි ය; ඝන ආහාර නො වේ.


“එහෙත් තමා දිවැසිවරියකැයි ඇයම කියා ගන්නා, අර යෙසබෙල් ස්ත්‍රියට අවකාශ දීම ඔබට එරෙහිව මට තියේ. ඈ සිය ඉගැන්වීම් මඟින් ලිංගික අනාචාරකම් කිරීමටත්, පිළිමවලට යාග කළ පිදේනි කෑමටත් මාගේ දාසයින් නොමග යවන්නී ය.