පරදාර සේවනයේ හා සමලිංගික සේවනයේ යෙදෙන්නන් ද වහල් වෙළඳාමට මිනිසුන් පැහැරගන්නන්, බොරුකාරයන්, බොරුවට දිවුරන්නන් හා සාර දහමට පටහැනිව කවර දේ වුව කරන්නන් ද සඳහා ය.
තීතස් 2:1 - සිංහල කාලීන පරිවර්තනය ඔබ ඉගැන්විය යුත්තේ සාරවූ දහම් ඉගැන්වීමට අනුකූලව ය. Sinhala New Revised Version ඔබ නම්, නිවැරදි ධර්මයට අනුකූල දේ ඉගැන්විය යුතු ය. Sinhala New Revised Version 2018 ඔබ නම්, නිවැරදි ධර්මයට අනුකූල දේ ඉගැන්විය යුතු ය. Sinhala Revised Old Version නුමුත් නුඹ සාරවූ ගුරුකමට හොබනා දේ කථාකරන්න. |
පරදාර සේවනයේ හා සමලිංගික සේවනයේ යෙදෙන්නන් ද වහල් වෙළඳාමට මිනිසුන් පැහැරගන්නන්, බොරුකාරයන්, බොරුවට දිවුරන්නන් හා සාර දහමට පටහැනිව කවර දේ වුව කරන්නන් ද සඳහා ය.
යමෙක් වෙනස් ධර්ම උගන්වමින්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ සාරවූ වචන හා දේව භක්තික ඉගැන්වීම්වලට එකඟ නො වේ නම්,
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහිල්ලෙන් හා ප්‍රේමයෙන් යුතුව, ඔබ මවෙතින් ඇසූ සාර ඉගැන්වීමේ සැලැස්ම අනුගමන කරන්න.
සාර ඉගැන්වීම මඟින් අන්‍යයන් දිරි ගැන්වීමටත්, ඊට එරෙහිවන්නන් දුර්මුඛ කිරීමටත් සමත් වන පිණිස, ඔහු තමාට උගන්වන ලද පරිද්දෙන් විශ්වාසී වචනය තදින් අල්ලා ගත යුතු ය.
මේ කියමන විශ්වාසනීය ය; දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබූවන්, යහපත් ක්‍රියා කිරීමට තමන්ම කැපවීමට උනන්දු වන පිණිස, මේ දෑ ගැන ඔබ වැඩි අවධානයක් යොමු කිරීම මාගේ කැමැත්තයි. මේ දෑ හැම කෙනකුටම විශිෂ්ට ය; වැඩදායක ය.
යමෙක් වචනය කතා කරන්නේ නම්, ඔහු දෙවියන්වහන්සේගේ වචන කතා කරන්නකු ලෙස එය කළ යුතු ය. යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන්වහන්සේ සපයන ශක්තියෙන් ඔහු එය කළ යුතු ය. එසේ කළ යුත්තේ, හැම දේහිදීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ තේජෝමහිමයට පැමිණෙන පිණිස ය. තේජෝමහිමයත්, ආධිපත්‍යයත් සදහට ම උන්වහන්සේගේ ය! ආමෙන්.