ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගලාති 4:27 - සිංහල කාලීන පරිවර්තනය

මන්ද මෙසේ ලියවී තිබේ: “ඔහෝ, ප්‍රීතිවන්න, දරුවන් නො දැරූ වඳ තැනැත්තිය, ප්‍රසව වේදනා නො විඳි තැනැත්තිය, සතුටින් මොරහඬ නගන්න; මන්ද ස්වාමි පුරුෂයකු ඇති තැනැත්තියට වඩා, අතැර දමන ලද තැනැත්තියට දරුවන් බොහෝ වෙත.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත: “දරුවන් නොලැබූ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න, ප්‍රසව වේදනා නොවිඳින ස්ත්‍රිය, ප්‍රීතියෙන් මොරදෙන්න. මන්ද, පුරුෂයා ඇති ස්ත්‍රියට වඩා හැරදමනු ලැබූ ස්ත්‍රියට දරුවෝ බොහෝ ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත: “දරුවන් නොලැබූ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න, ප්‍රසව වේදනා නොවිඳින ස්ත්‍රිය, ප්‍රීතියෙන් මොරදෙන්න. මන්ද, පුරුෂයා ඇති ස්ත්‍රියට වඩා හැරදමනු ලැබූ ස්ත්‍රියට දරුවෝ බොහෝ ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද: දරුවන් බිහිනොකරන වඳ තැනැත්තිය, ප්‍රීතිවෙව; බිහිකරන වේදනා නොවිඳන තැනැත්තිය, ශබ්දනගා මොරගසව. මක්නිසාද පුරුෂයා ඇති තැනැත්තියට වඩා අත්හරිනු ලැබූ තැනැත්තියට දරුවෝ බොහෝයයි ලියා තිබේ.

පරිච්ඡේදය බලන්න



ගලාති 4:27
9 හුවමාරු යොමු  

මා ප්‍රිය දරුවනි, ක්‍රිස්තුස්වහන්සේ ඔබ තුළ හැඩගැස්වෙන තෙක් ඔබ උදෙසා මම යළිත් ප්‍රසව වේදනා විඳිමි.


තනි වී, සැබවින් වැන්දඹුව සිටින්නී, දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබා, රෑ දහවල් නිරතුරු යාච්ඤාවේ යෙදෙමින්, දෙවියන්වහන්සේගෙන් පිහිට යදින්නී ය.