ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගලාති 4:21 - සිංහල කාලීන පරිවර්තනය

මට මෙය කියන්න, දහම් නීතිය යටතේ සිටින්නට ආශා ඔබ, දහම් නීතියට කන් දෙන්නේ නැද්ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ව්‍යවස්ථාව පිළිපැදීමට ඔපමණ ආශා ඇති ඔබ, ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන දේ අසන්නේ නැද් ද? මේ දේ මට කියන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ව්‍යවස්ථාව පිළිපැදීමට ඔපමණ ආශා ඇති ඔබ, ව්‍යවස්ථාවේ ප්‍රකාශ කරන දේ අසන්නේ නැද් ද? මේ දේ මට කියන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ව්‍යවස්ථාව යටතේ සිටින්ට කැමැත්තෙනි, නුඹලා ව්‍යවස්ථාව අසන්නේ නැද්දැයි මට කියන්න.

පරිච්ඡේදය බලන්න



ගලාති 4:21
16 හුවමාරු යොමු  

උන්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මෝසෙස් ඔබට අණ කර ඇත්තේ කුමක් දැ?” යි ඇසූ සේක.


“ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘ඔවුන්ට මෝසෙස් හා දිවැසිවරුන් සිටිනවා; ඔවුහු ඔවුන්ට සවන් දෙත්වා’ යි කීවා.


යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ ‘ඔබ දෙවිවරු යැ’ යි මම කීවෙමි කියා, ඔබේ දහම් නීතියේ, ලියා නැද්ද?


සමූහයා කතා කරමින්, “දහම් නීතියෙන් අප අසා ඇත්තේ, ක්‍රිස්තුස්වහන්සේ සදාතනිකව පැවත සිටින බවයි. එසේ නම්, ‘මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතු යැ’ යි ඔබ කියන්නේ කෙසේ ද? කවුරු ද මේ මනුෂ්‍ය පුත්‍රයා?” යි ඇසූහ.


එහෙත් එසේ වූයේ, ‘අහේතුකව ඔවුහු මට ද්වේෂ කළහ’ යන ඔවුන්ගේ දහම් නීතියේ ලියා ඇති වචනය ඉෂ්ට විය යුතු නිසා ය.


දැන් අප දන්නා පරිදි, හැම කටක්ම වහන පිණිස හා මුළු ලෝකයම දෙවියන්වහන්සේට ගණන් දිය යුතු වන පිණිස, දහම් නීතියේ යම් දෙයක් කියයි ද ඒ දෑ කියන්නේ, ඒ නීතිය යටතේ සිටින්නන්ට ය.


මන්ද ඔබ දහම් නීතිය යටතේ නො ව, අනුග්‍රහය යටතේ සිටින බැවින්, පාපයට ඔබ කෙරේ ස්වාමිකත්වයක් නැත.


මන්ද දහම් නීති ක්‍රියා මත යැපෙන සියල්ලන් ශාපයකට යටත් ය, මන්ද: “දහම් නීති පොතේ ලියන ලද සියලු දේහි පැවත නො සිටින, ඒවා නො පිළිපදින හැම කෙනෙක්ම ශාප ලද්දෙකි” යි ලියා තිබේ.


එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේ හැඳින සිටියදීත්, ඊටත් වඩා දෙවියන්වහන්සේ විසින් ඔබ හැඳින ගනු ලැබ සිටියදීත් ඒ දුබල, නො වටිනා ලෝක ධර්මතා වෙත ආපසු හැරී යන්නේ කෙසේ ද? යළි ඒවායේ වහලුන් වීමට ඔබට ඕනෑ ද?