අප උදෙසාත් ය. යේසුස් අප ස්වාමින්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේ තුළ විශ්වාස කරන අප උදෙසා ද එසේ ගණන් ගනු ලබන්නේ ය.
ගලාති 3:6 - සිංහල කාලීන පරිවර්තනය එය, ආබ්‍රහම්, “දෙවියන්වහන්සේ ඇදහී ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබී ය” යන පරිද්දෙනි. Sinhala New Revised Version ආබ්‍රහම් ගැන සිතන්න. ඔහු දෙවියන් වහන්සේ අදහාගත්තේ ය. ඒ ඇදහීම දමිටු බව හැටියට ගණන්ගන්නා ලදී. Sinhala New Revised Version 2018 ආබ්‍රහම් ගැන සිතන්න. ඔහු දෙවියන් වහන්සේ අදහාගත්තේ ය. ඒ ඇදහීම දමිටු බව හැටියට ගණන්ගන්නා ලදී. Sinhala Revised Old Version මෙසේ ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාසකළේය, එය ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගනු ලැබුවේය. |
අප උදෙසාත් ය. යේසුස් අප ස්වාමින්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ තැනැන්වහන්සේ තුළ විශ්වාස කරන අප උදෙසා ද එසේ ගණන් ගනු ලබන්නේ ය.
“ආබ්‍රහම් දෙවියන්වහන්සේ ඇදහී ය; ඒ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම ලෙස ගණන් ගනු ලැබිණැ” යි පැවසෙන ශුද්ධ ලියවිල්ල එමඟින් සම්පූර්ණ වෙයි. තවද ඔහු දෙවියන්වහන්සේගේ මිත්‍රයා ලෙසින් හඳුන්වනු ලැබී ය.