ඒ දුටු පරිසිවරු, “නුඹලාගේ ගුරුතුමා බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ කන්නේ මන්දැ?” යි උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇසූහ.
ගලාති 2:15 - සිංහල කාලීන පරිවර්තනය උපතින්ම අප යුදෙව්වන් විනා, අන්‍ය-ජාතික පව්කරුවන් නො වේ; Sinhala New Revised Version අපි විජාතික පව්කාරයෝ නොව, උත්පත්තියෙන් ම ජුදෙව්වරු ය. Sinhala New Revised Version 2018 අපි විජාතික පව්කාරයෝ නොව, උත්පත්තියෙන් ම ජුදෙව්වරු ය. Sinhala Revised Old Version තවද අන්‍යජාති පව්කාරයන් නොව ස්වභාවෙන් යුදෙව්වරුන් වන අපි, |
ඒ දුටු පරිසිවරු, “නුඹලාගේ ගුරුතුමා බදු අය කරන්නන් හා පව්කරුවන් සමඟ කන්නේ මන්දැ?” යි උන්වහන්සේගේ ගෝලයන්ගෙන් ඇසූහ.
‘මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කාර මිනිසුන්ගේ අත්වලට බාර දෙනු ලබන්නටත්, කුරුසිපත් කරනු ලබන්නටත්, තුන් වන දවසේ නැගිටින්නටත් යුතු ය’ යනුයි” කීහ.
“එවිට ස්වාමින්වහන්සේ, ‘යන්න; මම අන්‍ය-ජාතීන් වෙත දුර බැහැරට ඔබ යවන්නෙමි’ යි කී සේකැ” යි පැවසී ය.
එසේ නම් කුමක් ද? යුදෙව් අපට වාසියක් වේ ද? නැත; කොහෙත්ම නැත. සියලු යුදෙව්වන් සේ ම, ග්‍රීකයින් ද යන දෙගොල්ලම පාපය යටතේ බැව් දැනටමත් අප ඔබට පෙන්වා දී තිබේ.
පොරොන්දුව ඇදහිල්ල මත රඳා පවත්නේ එබැවිනි; එසේ වන්නේ, එය අනුග්‍රහයෙන් පිහිටන පිණිසත්, ඔහුගේ මුළු පෙළපතට එය ඇපයක් වන පිණිසත් ය. ඒ පෙළපත දහම් නීතියට බැඳුණවුන්ගේ පමණක් නො වේ; ආබ්‍රහම්ගේ ඇදහිල්ලට පංගුකාර වූ අයගේත් ය; අප හැමගේ පියා ආබ්‍රහම් ය.
ක්‍රිස්තුස්වහන්සේ තුළ නිර්දෝෂ කරනු ලබන්නට සොයමින් අපත් පව්කරුවන් සේ පෙනේ ද? එසේ නම් ක්‍රිස්තුස්වහන්සේ පාපයේ සේවකයෙක් ද? සත්තකින්ම නැත!
කලක් අපි සැවොම, අපගේ මාංසික තෘෂ්ණා සන්තර්පණ කරමින් ද ගතේ හා සිතේ ආශාවල ගැලෙමින් ද ඒ අය අතරේ පැවතුණෙමු. මෙසේ සෙසු අය මෙන් අපි ද ස්වභාවයෙන්ම උදහසේ පුත්‍රයින්ව සිටියෙමු.
ඕනෑ නම් මාංසය කෙරේ විශ්වාසය තැබීමට හේතු ද මට ඇත. මාංසය කෙරේ විශ්වාසය තැබීමට තමනට හේතු ඇතැයි යමෙක් සිතන්නේ නම්, ඊට වැඩි හේතු බොහොමයක් මට තියේ:
කලක් අපත් අනුවණව හා අකීකරුව, මුළා වී, සියලු ආකාර ආශා හා තෘෂ්ණාවනට වහල්ව ඊර්ෂ්‍යාවෙන් යුතුව අපගේ දවස් ගත කළෙමු.