ඔවුහු මෙසේ කියමින්, තම ගෝලයින් සමඟ හෙරෝදිවරුන් උන්වහන්සේ වෙත පිටත් කළහ. “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන බවත් අපි දනිමු.
ගලාති 1:10 - සිංහල කාලීන පරිවර්තනය මා දිනා ගන්නට වැර දරන්නේ මිනිසුන්ගේ ප්‍රසාදය ද? දෙවියන්වහන්සේගේ ප්‍රසාදය ද? මා වෙහෙසෙන්නේ මිනිසුන් සතුටු කරන්නට ද? මා තවමත් මිනිසුන් සතුටු කරන්නෙක් නම්, මා ක්‍රිස්තුස්වහන්සේගේ දාසයකු වන්නේ නැත. Sinhala New Revised Version මා සොයන්නේ මිනිසුන්ගේ පැසසීම ද? නැතහොත් දෙවියන් වහන්සේ පැසසීම ද? මා පතන්නේ මිනිසුන් සතුටු කරන්න ද? මා තවමත් පතන්නේ මිනිසුන් සතුටු කිරීම නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ දාසයෙක් නොවෙමි. Sinhala New Revised Version 2018 මා සොයන්නේ මිනිසුන්ගේ පැසසීම ද? නැතහොත් දෙවියන් වහන්සේ පැසසීම ද? මා පතන්නේ මිනිසුන් සතුටු කරන්න ද? මා තවමත් පතන්නේ මිනිසුන් සතුටු කිරීම නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ දාසයෙක් නොවෙමි. Sinhala Revised Old Version ඉතින් මා විසින් සතුටු කරන්ට හදන්නේ මනුෂ්‍යයන්ද? නොහොත් දෙවියන්වහන්සේද? නොහොත් මා මනුෂ්‍යයන් ප්‍රසන්නකරන්ට සොයනවාද? මම තවම මනුෂ්‍යයන් ප්‍රසන්නකරම් නම් ක්‍රිස්තුස්වහන්සේගේ දාසයෙක් නොවෙමි. |
ඔවුහු මෙසේ කියමින්, තම ගෝලයින් සමඟ හෙරෝදිවරුන් උන්වහන්සේ වෙත පිටත් කළහ. “ගුරුතුමනි, ඔබතුමා සත්‍යවාදී වූ, කිසිවකුගේ බලපෑමකට යටත් නො වන කෙනකු වග අප දන්නවා; මන්ද ඔබ මිනිසුන්ගේ තරාතිරම් නො බලන, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන බවත් අපි දනිමු.
ඉදින්, ආණ්ඩුකරුට මේ පුවත ගියහොත්, අප ඔහු සතුටු කර, නුඹලාට කරදරයක් නො වන්නට කටයුතු කරනවා” යි කීහ.
“හාම්පුතුන් දෙදෙනකුට මෙහෙ කිරීමට කිසිවකුට නුපුළුවන. ඔහු එක් කෙනකුට ද්වේෂ වී, අනෙකාට ප්‍රේම කරනු ඇත. නැතහොත් එක් කෙනකුට ලැදි වී අනෙකා හෙළා දකිනු ඇත. දෙවියන්වහන්සේටත්, මුදලටත් සේවය කිරීමට ඔබට නුපුළුවන.
ඔහු තීර් හා සීදොන් වාසීන් සමඟ එදිරිවාදිකමක් ඇති කරගෙන තිබිණි. මෙකල ඔවුහු එකමුතුවී හෙරෝද් බැහැදැක්මට ගියහ. වාසල භාර නිලධාරි බ්ලාස්තුස්ගේ සහාය ඇතිව ඔවුහු රජු හා සාමය ඉල්ලූහ. මන්ද ඔවුන්ට ආහාර සැපයුණේ රජුගේ රටින් බැවිනි.
පේතෘස් ද අනෙක් අපෝස්තුලුවරු ද පිළිතුරු දෙමින්, “අප කීකරු විය යුත්තේ මිනිසුන්ට වඩා දෙවියන්වහන්සේටයි.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ, අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලැබූ, දෙවියන්වහන්සේගේ ශුභාරංචියට වෙන් කරන ලද පාවුල් වෙතිනි.
යුදෙව්වා, යුදෙව්වකු වන්නේ ඇතුළාන්තයෙනි; චර්ම-ඡේදනය, ආත්මයාණන් මඟින් හදවතේ කෙරෙන ඡේදනයක් මිස, වචනාර්ථයට අනුව කැපුමක් නො වේ. එබඳු තැනැත්තාගේ පැසසුම මිනිසුන්ගෙන් නො ව, දෙවියන්වහන්සේගෙනි.
එහෙත් ආත්මාර්ථයෙන් යුතුව, සත්‍යයට කීකරු නො වී, අධර්මිෂ්ඨකමට කීකරු වන්නන්ට උදහසත්, උග්‍ර-කෝපයත් වේ.
මම මගේම වාසිය නො තකා, බොහෝ දෙනකු ගැලවීම ලබන පිණිස හැම කෙනකුම හැම අයුරින්ම සතුටු කරන්නට වැර දරන්නා සේ කරන්න.
අප ඔබට නිදහසට කරුණු කියනවායයි මේ මුළු කාලය තුළ ඔබ සිතන්නට ඇත. ක්‍රිස්තුස්වහන්සේ තුළ අප කතා කරමින් සිටියේ, දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ය. ප්‍රේමණීයයනි, ඒ සියල්ල ඔබගේ අභිවෘද්ධිය උදෙසා ය.
ඔවුන් ඔබ දෙස බලා සිටියදී ඔවුන්ගේ ප්‍රසාදය දිනන පිණිස නො ව, ඔබේ හදවතින් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින්, ක්‍රිස්තුස්වහන්සේගේ දාසයින් ලෙස ඔවුනට කීකරු වන්න.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයින් වන පාවුල් හා තිමෝති වෙතින්, පිලිප්පියෙහි සභා නායකයින් සහ උපස්ථායකයින් ඇතුළු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සියලු ශුද්ධවන්තයින් වෙතයි.
දාසයිනි, සියල්ලේදී ඔබේ භූමික හාම්පුතුනට කීකරු වන්න. ඔවුන් ඔබ දෙස ඇස ගසා සිටියදී පමණක් ඔවුන්ගේ සිත් දිනාගනු පිණිස නො ව, අවංක හදවතින් ද ස්වාමින්වහන්සේට ගෞරව භය දැක්වීමක් වශයෙන් ද එසේ කරන්න.
අප ඔබට කතා කරන්නේ ශුභාරංචිය බාර දීමට සුදුස්සන් යයි දෙවියන්වහන්සේගේ අනුමැතිය ලද්දවුන් වශයෙනි; එසේ කරන්නේ මිනිසුන් සතුටු කිරීමට නො ව අප හදවත් පිරික්සන දෙවියන්වහන්සේ ප්‍රසන්න කිරීමට ය.
පරදාරික ජනයිනි, ලෝකය සමඟ මිත්‍රත්වය දෙවියන්වහන්සේ සමඟ සතුරු වීම වග ඔබ දන්නේ නැති ද? එබැවින්, ලෝකය හා මිතුරු වීමට කැමති කවරකු වුව, දෙවියන්වහන්සේ සමඟ සතුරු වෙයි.
දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටින කිසිවකු දිගටම පව් කරන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේගේ බීජය ඔහු තුළ පවතී; දෙවියන්වහන්සේගෙන්ම ඉපිද සිටින බැවින් පව් කිරීමට ඔහුට නුපුළුවන.