කොලොස්සි 4:1 - සිංහල කාලීන පරිවර්තනය හාම්පුතුනි, ඔබටත් හාම්පුතකු ස්වර්ගයෙහි සිටිනා වග දැන, ඔබගේ දාස දාසීනට යුතු ලෙසත්, සාධාරණ ලෙසත් සලකන්න. Sinhala New Revised Version ස්වාමිවරුනි, ස්වර්ගයෙහි ඔබටත් ස්වාමිවරයෙකු සිටින බව සිතට ගෙන, ඔබේ දාසයන්ට යුතු ලෙස හා සාධාරණ ලෙස සලකන්න. Sinhala New Revised Version 2018 ස්වාමිවරුනි, ස්වර්ගයෙහි ඔබටත් ස්වාමිවරයෙකු සිටින බව සිතට ගෙන, ඔබේ දාසයන්ට යුතු ලෙස හා සාධාරණ ලෙස සලකන්න. Sinhala Revised Old Version ස්වාමිවරුනි, ස්වර්ගයෙහි නුඹලාටත් ස්වාමි කෙනෙක් සිටින බව දැන, නුඹලාගේ දාසයන්ට ධර්මිෂ්ඨවූ සාධාරණවූ දේ දෙන්න. |
“කෙසේ වුව ද රාජ්‍යය ලැබ ආපසු පැමිණි ඔහු, තමා මුදල් දුන් සේවකයින් වෙළඳාමෙන් කොපමණ උපයා ඇද්දැයි බලන පිණිස තමන් වෙත ඔවුන් කැඳවන්නට අණ කළේ ය.
මන්ද දයාව නො පෑ තැනැත්තාට විනිශ්චය පැමිණෙන්නේ ද දයා විරහිතව ය. දයාව විනිශ්චය අභිබවා ජය ගනී.
මෙන්න! ඔබගේ කුඹුරුවල අස්වැන්න නෙළුෑ වැඩකරුවනට ගෙවිය යුතු, එහෙත් ඔබ විසින් වංචනිකව නො ගෙවූ ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධව මොර ගසයි. ඔබගේ අස්වනු නෙළන්නවුන්ගේ අඳෝනාව ද සියලු බලැති ස්වාමින්වහන්සේගේ සවනට ළඟා වී ඇත.
ඔවුන් බැටළු පැටවාණන්ට එරෙහිව යුද්ධ කරනු ඇත. එහෙත්, බැටළු පැටවාණෝ ඔවුන්ගෙන් ජය ගන්නාහ. මන්ද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ ය; රජවරුන්ගේ රජ්ජුරුවෝ ය. උන්වහන්සේ සමඟ සිටින්නේ කැඳවුම් ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසනීයයන් යැ” යි පැවසී ය.
උන්වහන්සේගේ ලෝගුවෙහි හා කළවයෙහි, මෙසේ ලියා තිබිණි: රජවරුන්ගේ රජ්ජුරුවෝ ය; ස්වාමිවරුන්ගේ ස්වාමියාණෝ ය.