යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු කියා ද ලියා තිබේ” යි කී සේක.
ක්‍රියා 5:9 - සිංහල කාලීන පරිවර්තනය එවිට පේතෘස්, “ස්වාමින්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ පරීක්ෂා කිරීමට ඔබ දෙපොළ එකඟ වූයේ කෙසේ ද? අන්න! නුඹේ ස්වාමි පුරුෂයා භූමදාන කළ අය ආපසු දොරකඩටම ඇවිදින්; ඔවුන් නුඹත් එලෙසම ගෙන යනු ඇතැ” යි කීවේ ය. Sinhala New Revised Version එවිට පේදුරු ඇය අමතා, “ස්වාමීන්ගේ ආත්මයාණන් පරීක්ෂා කරන්නට ඔබ දෙපොල එකඟ වූයේ කෙසේ ද? අන්න, ඔබේ පුරුෂයා ගෙන ගොස් වැළැලූ අය දොර ළඟ සිටිති. ඔව්හු ඔබ ද එලෙස ම ගෙන යන්නෝ ය”යි කී ය. Sinhala New Revised Version 2018 එවිට පේදුරු ඇය අමතා, “ස්වාමීන්ගේ ආත්මයාණන් පරීක්ෂා කරන්නට ඔබ දෙපොල එකඟ වූයේ කෙසේ ද? අන්න, ඔබේ පුරුෂයා ගෙන ගොස් වැළැලූ අය දොර ළඟ සිටිති. ඔව්හු ඔබ ද එලෙස ම ගෙන යන්නෝ ය”යි කී ය. Sinhala Revised Old Version එවිට පේතෘස් ඈට කථාකොට: ස්වාමීන්වහන්සේගේ ආත්මයාණන් පරීක්ෂාකරන්ට නුඹලා එකඟවෙන්ට යෙදුණේ කොහොමද? අන්න, නුඹේ පුරුෂයා වැළලූ අයගේ පාද දොර ළඟය, ඔව්හු නුඹද පිටතට ගෙනයන්නෝයයි ඈට කීවේය. |
යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කරනු කියා ද ලියා තිබේ” යි කී සේක.
එබැවින් ඔහු කැඳවූ හාම්පුතා, ‘ඔබ ගැන මට අහන්න ලැබෙන මේ දේවල් මොනවා ද? ඔබේ කළමනාකාරකම පිළිබඳ ගණන් බේරන්න. තවදුරටත් කළමනාකරු වීමට ඔබට බැරි යැ’ යි කීවා.
එසේ නම් අපටවත්, අපේ පියවරුනටවත් දැරිය නො හැකි වූ බර වියගහක් මේ ගෝලයින්ගේ ගෙල මත පැටවීමෙන් දෙවියන්වහන්සේ පරීක්ෂා කිරීමට ඔබ වෙර දරන්නේ ඇයි?
තවද යවනු ලැබුවොත් මිස, යමෙක් දේශනා කරන්නේ කොහොම ද? ලියා තිබෙන පරිදි, “ශුභාරංචිය ගෙනෙන අයගේ පාද, කොතරම් අලංකාර ද!”
දැන් අප දන්නා පරිදි, හැම කටක්ම වහන පිණිස හා මුළු ලෝකයම දෙවියන්වහන්සේට ගණන් දිය යුතු වන පිණිස, දහම් නීතියේ යම් දෙයක් කියයි ද ඒ දෑ කියන්නේ, ඒ නීතිය යටතේ සිටින්නන්ට ය.
ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, අපි ස්වාමින්වහන්සේ පරීක්ෂා නො කළ යුතු වෙමු. එසේ කිරීමෙන්, ඔවුහු සර්පයින්ගෙන් විනාශ වූහ.