ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 5:25 - සිංහල කාලීන පරිවර්තනය

එවිට ම කෙනෙක් ඔවුන් වෙත පැමිණ, “අන්න! ඔබ සිරගෙයි දැමූ මිනිස්සු දේව මාලිගාවේ සිටගෙන, ජනතාවට උගන්වති” යි දැන්වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට මිනිසෙක් අවුත්, “අන්න ඔබ හිරගෙයි දැමූ අය දේව මාලිගාවේ සිට ජනයාට උගන්වති”යි සැළ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට මිනිසෙක් අවුත්, “අන්න ඔබ හිරගෙයි දැමූ අය දේව මාලිගාවේ සිට ජනයාට උගන්වති”යි සැළ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් එක්කෙනෙක් ඇවිත්: අන්න, නුඹලා හිරගෙයි දැමූ මනුෂ්‍යයෝ දේවමාළිගාවෙහි සෙනඟට උගන්වමින් සිටිතියි ඔවුන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 5:25
8 හුවමාරු යොමු  

මා නිසා ආණ්ඩුකාරයින් හා රජුන් ඉදිරියට ඔබ ඇදගෙන යනු ඇත. ඒ, ඔවුන්ටත්, විජාතිකයින්ටත් සාක්ෂි දරන පිණිසයි.


එහෙත් ඔවුන්ගෙන් ඇතමෙක් පරිසිවරුන් වෙත ගොස්, යේසුස්වහන්සේ කළ දේ ඔවුන්ට පැවසූහ.


දිනක් පේතෘස් හා යොහන් යාච්ඤා වෙලාව වූ නව වන පැයේ දේව මාලිගය වෙත යමින් සිටියහ.


එපුවත ඇසූ දේව මාලිගයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ද නායක පූජකවරු ද මෙයින් කුමක් වේ දෝයි සිතාගත නො හැකිව අන්ද මන්ද වූහ.


එවිට ප්‍රධාන ආරක්ෂක නිලධාරියා, සෙසු නිලධාරීන් සමඟ පිටත්ව ගොස්, අපෝස්තුලුවරුන් කැඳවාගෙන ආවේ ය. එහෙත් ජනයා තමනට ගල් ගසතැයි බියෙන් ඔවුහු ඔවුන් කැටිව ආයේ, කිසිදු බලහත්කාරයක් නො පාමිනි.