ඒ අතර මෙන්න, පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් උන්වහන්සේ පිටුපසින් අවුත්, උන්වහන්සේගේ සළුවේ වාටියට අත ගැසුවා ය.
ක්‍රියා 4:22 - සිංහල කාලීන පරිවර්තනය මන්ද කරන ලද එම හාස්කමෙන් සුවය ලද මිනිසා හතළිස් විය ද ඉක්මවා සිටි බැවිනි. Sinhala New Revised Version පුදුම ලෙස සුවපත් කරනු ලැබූ මේ මිනිසා අවුරුදු සතළිසක් ඉක්මවූවෙකි. Sinhala New Revised Version 2018 පුදුම ලෙස සුවපත් කරනු ලැබූ මේ මිනිසා අවුරුදු සතළිසක් ඉක්මවූවෙකි. Sinhala Revised Old Version මක්නිසාද මේ ආශ්චර්යයෙන් සුවකරනු ලැබූ මනුෂ්‍යයා සතළිස් අවුරුද්දකට වඩා වයස්ව සිටියේය. |
ඒ අතර මෙන්න, පුරා දොළොස් වසරක් කිලිමාලයෙන් පෙළුණු ස්ත්‍රියක් උන්වහන්සේ පිටුපසින් අවුත්, උන්වහන්සේගේ සළුවේ වාටියට අත ගැසුවා ය.
අවුරුදු දහඅටක් ආබාධිත ආත්මයක බලපෑමට හසු වූ ස්ත්‍රියක් ද එහි වූවා ය. කුදු ගැසුණු ඇයට කිසි සේත් කෙළින් විය නො හැකි විය.
උපතේ පටන් කොර මිනිසෙක් ද මෙවේලේ දේව මාලිගයේ සුදර්ශන නම් දොරටුව වෙත ගෙන යනු ලැබී ය. දේව මාලිගයට පිවිසෙන්නන්ගෙන් සිඟමන් යදින පිණිස, දිනපතා ඔහු එම දොරටුව අසල තබන ලදී.
තවදුරටත් ඔවුන්ට තර්ජන කළ ඔවුහු, ඔවුන්ට යන්නට හැරියහ. සිදු වූ දේ ගැන මුළු මහත් ජනතාවම දෙවියන්වහන්සේට ප්‍රශංසා කළ බැවින් ඔවුන් දෙදෙනාට දඬුවම් කිරීමේ හේතුවක් සොයා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.
නිදහස් කරනු ලැබ, තම සගයින් වෙත ආපසු ආ ඔවුහු, නායක පූජකයින් හා වැඩිහිටියන් තමන්ට කී සියල්ල ඔවුන්ට දැන්වූහ.