ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 27:40 - සිංහල කාලීන පරිවර්තනය

නැංගුරම් කපා, ඒවා මුහුදට හැර දැමූ ඔවුහු, සුක්කානම් හබල් බැඳි රැහැන් ද මුදා හළහ. ඉන්පසු ඔවුහු නැවේ ඉදිරි රුවල නගා, නැව සුළඟින් වෙරළට ගසාගෙන යන්නට සැලැස්වූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පුළුවන් නම්, නැව එහි ගෙන යන්නට තීරණය කරගත්හ. නැංගුරම් පහ කර මුහුදේ තිබෙන්නට හැර, ඒ සමඟ ම සුක්කානම්වල බැඳුම් මුදා, ඉස්සරහ රුවල සුළඟට නඟා වෙරළ බලා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පුළුවන් නම්, නැව එහි ගෙන යන්නට තීරණය කරගත්හ. නැංගුරම් පහ කර මුහුදේ තිබෙන්නට හැර, ඒ සමඟ ම සුක්කානම්වල බැඳුම් මුදා, ඉස්සරහ රුවල සුළඟට නඟා වෙරළ බලා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නැංගුරම් පහකරදමා මුහුදේ තිබෙන්ට හැර, ඒ එක්කම සුක්කානම්වල බැඳුම් මුදා, ඉස්සරහ රුවල හුළඟට නගා වෙරළ බලා ගියෝය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 27:40
5 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ගලීල මුහුදු වෙරළේ ඇවිද යන අතරේ, පේතෘස් නම් සීමොන් හා ඔහුගේ සහෝදර අන්දෘ යන සහෝදරයින් දෙදෙනකු දුටු සේක. මුහුදේ දැලක් හෙළමින් සිටි ඔවුහු මසුන් අල්ලන්නන් වූහ.


බෝට්ටුව ඔසවා නැවට ගත් නැවියෝ, නැව්බඳ සවිමත් කරන්නට කඹ නැව යටින් දමා බැන්දහ. සර්ටිස්හි වැලි කණ්ඩිවල නැව ගැටේ ය යන බියෙන් ඔවුහු පාවෙන නැංගුරම දමා, නැව පාවී යන්නට ඉඩ හළහ.


එහෙත් නැව වැලි කණ්ඩියක හැපී, වැල්ලේ එරිණි. නැව් ඇණිය එරී සොලවන්නට බැරි විය; නැව් අවරය හැපී, බිඳෙන සැඩ රළින් කෑලිවලට කැඩී යන්නට විණි.