ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 27:30 - සිංහල කාලීන පරිවර්තනය

නැව් ඇණියෙන් ද නැංගුරම් ලන්නට යන වග ඇඟවූ නැවියෝ නැවෙන් පලා යන්නට බලමින් නැවේ බෝට්ටුව මුහුදට පහත් කළහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නැවියන් නැවෙන් පලා යන්නට මඟක් සොයමින් ඇණියෙන් නැංගුරම් දමන්නට යන්නාක් මෙන් ඔරුව මුහුදට පහත් කළ විට පාවුලු කතා කර,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නැවියන් නැවෙන් පලා යන්නට මඟක් සොයමින් ඇණියෙන් නැංගුරම් දමන්නට යන්නාක් මෙන් ඔරුව මුහුදට පහත් කළ විට පාවුලු කතා කර,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නැව්කාරයන් නැවෙන් පලායන්ට සොයමින් ඇණියෙන් නැංගුරම් දමන්ට යන්නාක්මෙන් ඔරුව මුහුදට බැස්සෙවු කල,

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 27:30
5 හුවමාරු යොමු  

අප කවුදා නම් කුඩා දිවයිනෙහි ගොඩබිම් මුවාවෙන් පාවී යද්දී, මහත් වෙහෙසක් දරා ජීවිතාරක්ෂක බෝට්ටුව බේරා ගතිමු.


දාහතර වන දවසේ රැයේ අප සිටියේ අද්‍රියාතික මුහුදේ ගසාගෙන යමින් ය. රෑ මැදියම පමණ වන විට, අප ගොඩබිමකට ළඟා වන බැව් නැවියන්ට දැනී ගියේ ය.


ගල් පරවල අප හැපෙතැයි බයෙන් ඔවුහු නැව් අවරයෙන් නැංගුරම් හතරක් දමා, හිරු උදාව තෙක් ආශාවෙන් බලා සිටියහ.


එවිට පාවුල්, “මේ මිනිසුන් නැවේම සිටියොත් මිස, ඔබට ගැලවී යා නො හැකි” යි සියයේ හේවාපන්න නිලධාරියා හා හේවායින්ට කී ය.


එවිට හේවායෝ බෝට්ටුව නැවට බැඳ තිබූ රැහැන් කපා එය ඉවත පාවී යන්නට හැරියහ.