ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ, අන්‍ය-ජාතීන් අතර වෙසෙන සියලු යුදෙව්වන්ට ඔවුන්ගේ දරුවන් චර්මඡේද කළ යුතු නැතැයි ද අපේ චාරිත්‍ර පිළිපැදිය යුතු නැතැයි ද කියමින් මෝසෙස්ගේ නීතියෙන් ඉවත හැරෙන ලෙස ඔබ ඔවුන්ට උගන්වන බවයි.
ක්‍රියා 26:3 - සිංහල කාලීන පරිවර්තනය මා එසේ කියන්නේ විශේෂයෙන්ම යුදෙව් සියලු චාරිත්‍ර මෙන්ම වාද භේද ගැන ඔබ හොඳින් දන්නා නිසයි. එබැවින් ඉවසීමෙන් මට සවන් දෙන මෙන් ඉල්ලමි. Sinhala New Revised Version විශේෂයෙන් ම මෙසේ සිතන්නේ ජුදෙව්වරුන් අතර පවතින සියලු සිරිත් ද මතභේද ද ඔබ හොඳාකාර දන්න නිසා ය. එහෙයින් මා කියන දේට ඉවසිල්ලෙන් සවන් දෙන මෙන් ඉල්ලමි. Sinhala New Revised Version 2018 විශේෂයෙන් ම මෙසේ සිතන්නේ ජුදෙව්වරුන් අතර පවතින සියලු සිරිත් ද මතභේද ද ඔබ හොඳාකාර දන්න නිසා ය. එහෙයින් මා කියන දේට ඉවසිල්ලෙන් සවන් දෙන මෙන් ඉල්ලමි. Sinhala Revised Old Version ප්‍රධානකොටම එසේ සිතන්නේ යුදෙව්වරුන් අතරේ පවතින සියලු සිරිත්ද වාදද ඔබට හොඳාකාර තේරෙන නිසාය. එහෙයින් මාගේ වචන ඉවසිල්ලෙන් අසන ලෙස ඉල්ලමි. |
ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ, අන්‍ය-ජාතීන් අතර වෙසෙන සියලු යුදෙව්වන්ට ඔවුන්ගේ දරුවන් චර්මඡේද කළ යුතු නැතැයි ද අපේ චාරිත්‍ර පිළිපැදිය යුතු නැතැයි ද කියමින් මෝසෙස්ගේ නීතියෙන් ඉවත හැරෙන ලෙස ඔබ ඔවුන්ට උගන්වන බවයි.
කතා කරන ලෙස ආණ්ඩුකාරයා සංඥා කළෙන්, පාවුල් පිළිතුරු දෙමින්, “ඔබතුමා වසර ගණනාවක් මේ ජාතියට විනිශ්චයකරුවකුව සිටින වග දනිමි; එබැවින් ඉතා සතුටින් මගේ නිදහසට කරුණු ගෙන හැර දක්වමි.
තවත් ඔබ වෙහෙස නො කරන පිණිස අප දැන් ලුහුඬින් කියන දේට කරුණාවෙන් සවන් දෙන මෙන් ඉල්ලමි.
එසේ වුවත්, මොහු ගැන අප අධිරාජයාණන්ට ලියා යැවීමට තරම් වූ නිශ්චිත යමක් මා ළඟ නැහැ. එබැවින් මෙසේ විභාග කිරීමෙන් පසු, ඔහු ගැන ලියා යැවීමට සුදුසු යමක් මට සපයා ගැනීම සඳහා ඔබ හැම ඉදිරියටත්, විශේෂයෙන්ම අග්‍රිපා රජතුමනි, ඔබ ඉදිරියටත් මොහු පැමිණ වීමි.
“අග්‍රිපා රජතුමනි, යුදෙව්වන් මට එරෙහිව නගන සියලු චෝදනා ගැන අද ඔබ ඉදිරියේ මගේ නිදහසට කරුණු කියන්නට ඉඩ ලැබීම භාග්‍යයක් කොට සලකමි.
මා කියන දෑ රජතුමා හොඳින්ම දනී; එබැවින් විවෘතවයි එතුමන්ට මා කතා කරන්නේ; මේ කිසිවක් අස්සක, මුල්ලකදී කළ දෑ නො වන බැවින්, මින් කිසිවක් එතුමාගේ දැනගැන්මෙන් සැඟවී නැති බව මම ඒත්තු ගෙන සිටිමි.
අපේ ගෝත්‍ර දොළොසම මහත් ලැදියාවෙන් දිවා රෑ දෙක්හි දෙවියන්වහන්සේට මෙහෙ කරමින්, බලා සිටින්නේ මේ පොරොන්දුව ඉටු වන තුරුයි. රජතුමනි, මේ බලාපොරොත්තුව නිසාමයි යුදෙව්වන් මට චෝදනා එල්ල කරන්නේ.
තුන් දිනකට පසු පාවුල් යුදෙව් නායකයින් කැඳවා යැවී ය. ඔවුන් රැස් වූ කල ඔවුන් ඇමතූ පාවුල් “මා සහෝදරයිනි, අප ජනයාට හෝ අපේ පියවරුන්ගේ චාරිත්‍රවලට එරෙහිව මා කිසි වරදක් නො කළ නමුත් යෙරුසලමේදී මා අත්අඩංගුවට ගෙන රෝමවරුන් අතට මා පත් කරනු ලැබුවා.
මන්ද මේ නාසරෙත්හි යේසුස්, මේ ස්ථානය කඩා බිඳ, මෝසෙස් අපට නියම කළ වත් පිළිවෙත් වෙනස් කරන වග මොහු පවසනු අප අසා සිටියා” යි පැවසූහ.
මට දිවැස් වැකි කීමේ දීමනාව ද සියලු අබිරහස් ගැන වැටහීම හා සකල දැනගැන්ම ද ඇතත්, කඳු එහා මෙහා කරන සම්පූර්ණ ඇදහිල්ල ඇතත්, ප්‍රේමය නැතිනම් මම හිස් පුද්ගලයෙක්මි.