ක්‍රියා 25:10 - සිංහල කාලීන පරිවර්තනය පාවුල් පිළිතුරු දෙමින්, “මා සිටින්නේ සීසර්ගේ අධිකරණය ඉදිරියේයි. මා විනිශ්චය කළ යුත්තේ මෙහිදීයි. ඔබ හොඳින්ම දන්නා පරිදි යුදෙව්වන්ට මා කිසි වරදක් කර නැත. Sinhala New Revised Version එහෙත් පාවුලු, “මම සීසර් අධිරාජයාගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මා විනිශ්චය කළ යුත්තේ මෙහි දී ය. ජුදෙව්වරුන්ට මා කිසි වරදක් කෙළේ නැත; ඒ බව ඔබටත් හොඳාකාර පෙනී යනු ඇත. Sinhala New Revised Version 2018 එහෙත් පාවුලු, “මම සීසර් අධිරාජයාගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මා විනිශ්චය කළ යුත්තේ මෙහි දී ය. ජුදෙව්වරුන්ට මා කිසි වරදක් කෙළේ නැත; ඒ බව ඔබටත් හොඳාකාර පෙනී යනු ඇත. Sinhala Revised Old Version නුමුත් පාවුල්: මම කායිසර්ගේ විනිශ්චයාසනය ඉදිරියෙහි සිටිමි; මෙහිදී මා විනිශ්චයකරන්ට යුතුය. යුදෙව්වරුන්ට මා විසින් කිසි වරදක් කළේ නැත, ඒ බව ඔබටත් හොඳාකාර පෙනීයන්නේය. |
පිලාත් විනිශ්චය ආසනයේ හිඳ සිටියදී, ඔහුගේ භාර්යාව ඔහුට පණිවුඩයක් එවමින්, “ඒ ධර්මිෂ්ඨ මිනිසාට කිසිවක් නො කරන්න. මා අද සිහිනෙන් ඔහු ගැන බොහෝ සේ වේදනා වින්දා” යි දැන්වූවා ය.
යුදෙව් දහම් නීති ගැන ඔවුන් යම් යම් චෝදනා නැගුවා විනා, මරණයට පත් කිරීමට හෝ සිරගත කිරීමට හෝ හේතු වන කිසි වරදක් ඔහුට විරුද්ධව නැති වග මට පෙනී ගියා.
ඔවුන් මෙහි පැමිණි විට, මා පමා නො කොට පසුදාම අධිකරණය රැස් කරවා, ඒ මිනිසා ගෙනෙන්නට අණ කළා;
එහෙත් මරණ දඬුවමට හේතුවක් ඔහු අත නැති වග මට පෙනී ගියත්, ඔහු අධිරාජයාගේ විනිශ්චය ඉල්ලූ බැවින්, රෝමයට ඔහු යැවීමට මා තීරණය කළා.
දින අටක්, දහයක් ඔවුන් අතරේ ගත කළ ඔහු ඉන්පසු කායිසාරියට ගියේ ය. පසු දින ඔහු අධිකරණ අසුනේ හිඳ, තමා ඉදිරියට පාවුල් ගෙන ඒමට අණ කළේ ය.
ඔවුහු ශාලාවෙන් පිටතට එමින්, “මේ මිනිසා මරණයටවත්, සිරගත වීමටවත් හේතු වන කිසිවක් කර නැතැ” යි කීහ.
ඔවුන් මා විභාග කළ විට, මරණ දණ්ඩනයට හේතු වන අපරාධයක් සිදු වී නැති බැවින්, මා නිදහස් කරන්නට අදහස් කළා.
තවද ලජ්ජා සහගත රහස් මාර්ග අත්හළ අපි, වංචනිකව ක්‍රියා කිරීම හෝ දෙවියන්වහන්සේගේ වචනය විකෘති කිරීම ප්‍රතික්ෂේප කරන්නෙමු. අනෙක් අතට අපි, සත්‍යතාව ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමෙන් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හැම මිනිසකුගේම හෘදය සාක්ෂියට අප ගැන පැහැදීමක් දෙන්නෙමු.