ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 24:12 - සිංහල කාලීන පරිවර්තනය

දේව මාලිගයේ මා කිසිවකු සමඟ වාද කරනවා මේ පැමිණිලිකරුවන් දැක නැත. සිනගෝගයේදී හෝ නගරයේ වෙන යම් තැනකදී මා ජනයා කලඹවනවා ද ඔවුන් දැක නැත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දේව මාලිගාවේ දී වත්, ධර්මශාලාවල දී වත්, නගරයේ දී වත්, කිසි කෙනෙකු සමඟ මා වාද කරනවා හෝ සෙනඟ කලබල කරනවා හෝ ඔව්හු නුදුටුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දේව මාලිගාවේ දී වත්, ධර්මශාලාවල දී වත්, නගරයේ දී වත්, කිසි කෙනෙකු සමඟ මා වාද කරනවා හෝ සෙනඟ කලබල කරනවා හෝ ඔව්හු නුදුටුවෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දේවමාළිගාවේදීවත් සිනගෝගවලදීවත් නුවරදීවත් කිසිකෙනෙකු සමඟ මා වාදකරනවා හෝ සමූහයන් කළඹනවා ඔව්හු නුදුටුවෝය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 24:12
6 හුවමාරු යොමු  

ඔවුහු අනෙක් ගෝලයින් වෙත ආ කල, ඔවුන් වටා මහත් ජන සමූහයක් සිටිනු ද දහම් පඬිවරුන් ඔවුන් සමඟ වාද කරමින් සිටිනු ද දුටුවහ.


මගෙන් අහන්නේ කුමට ද? මා ඔවුන්ට කීවේ මොනවාදැයි මට සවන් දුන් අයගෙන් අහන්න. මා කී දෑ ඔවුහු දනිති” යි කී සේක.


දේව මාලිගාව තුළ මා එසේ කරමින් සිටියදී, ඔවුන් මා දකින වෙලාවේ මා සිටියේ චාරිත්‍රානුකූලව පවිත්‍රවයි. මා සමඟ සමූහයක් සිටියේවත්, මා කිසි කලබලයක් කළේවත් නැහැ.


“මේ මිනිසා ලොව පුරා යුදෙව්වන් කැරලිකාරකමට පොලඹවන අයෙක් බව අපි දැන ගතිමු. ඔහු නාසරීනු නිකායේ කල්ලි නායකයෙක්.


පාවුල් සිය නිදහසට කරුණු දක්වමින්, “යුදෙව්වන්ගේ දහම් නීතියට විරුද්ධව හෝ දේව මාලිගාවට විරුද්ධව හෝ සීසර්ට විරුද්ධව මා කිසි වරදක් කර නැතැ” යි කීවේ ය.


තුන් දිනකට පසු පාවුල් යුදෙව් නායකයින් කැඳවා යැවී ය. ඔවුන් රැස් වූ කල ඔවුන් ඇමතූ පාවුල් “මා සහෝදරයිනි, අප ජනයාට හෝ අපේ පියවරුන්ගේ චාරිත්‍රවලට එරෙහිව මා කිසි වරදක් නො කළ නමුත් යෙරුසලමේදී මා අත්අඩංගුවට ගෙන රෝමවරුන් අතට මා පත් කරනු ලැබුවා.