“සිනගෝග ඉදිරියටත්, පාලකයින් හා අධිපතීන් ඉදිරියටත් ඔබ පමුණුවනු ලැබූ කල, නිදහසට කරුණු දක්වන්නේ කෙසේ ද කියා හෝ කිව යුත්තේ කුමක් ද කියා හෝ කනස්සලු නො වන්න.
ක්‍රියා 24:10 - සිංහල කාලීන පරිවර්තනය කතා කරන ලෙස ආණ්ඩුකාරයා සංඥා කළෙන්, පාවුල් පිළිතුරු දෙමින්, “ඔබතුමා වසර ගණනාවක් මේ ජාතියට විනිශ්චයකරුවකුව සිටින වග දනිමි; එබැවින් ඉතා සතුටින් මගේ නිදහසට කරුණු ගෙන හැර දක්වමි. Sinhala New Revised Version කතා කරන පිණිස ආණ්ඩුකාරයා පාවුලුට සංඥා කළ කල්හි ඔහු මෙසේ පිළිතුරු දුනි: “ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජනතාවට විනිශ්චයකාරයෙකු ව සිටින බව මම දනිමි. එබැවින් මාගේ නිදහස ගැන මා උත්තර දෙන්නේ ඉතා සතුටිනි. Sinhala New Revised Version 2018 කතා කරන පිණිස ආණ්ඩුකාරයා පාවුලුට සංඥා කළ කල්හි ඔහු මෙසේ පිළිතුරු දුනි: “ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජනතාවට විනිශ්චයකාරයෙකු ව සිටින බව මම දනිමි. එබැවින් මාගේ නිදහස ගැන මා උත්තර දෙන්නේ ඉතා සතුටිනි. Sinhala Revised Old Version පාවුල්ට කථාකරන්ට ආණ්ඩුකාරයා සංඥාකළ කල්හි ඔහු උත්තරදෙමින්: ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජාතියට විනිශ්චයකාරයෙක්ව සිටින බව මම දන්න නිසා සතුටින් මාගේ කාරණය ගැන උත්තරදෙමි. |
“සිනගෝග ඉදිරියටත්, පාලකයින් හා අධිපතීන් ඉදිරියටත් ඔබ පමුණුවනු ලැබූ කල, නිදහසට කරුණු දක්වන්නේ කෙසේ ද කියා හෝ කිව යුත්තේ කුමක් ද කියා හෝ කනස්සලු නො වන්න.
එහෙත් උන්වහන්සේ පිළිතුරු දෙමින්, “යහළුව, මා, ඔබ අතරේ විනිසකරුවකු හෝ බෙදුම්කරුවකු කොට පත් කළේ කවුරු දැ?” යි ඇසූ සේක.
නිහඬ වන ලෙස ඔවුනට අතින් සන් කළ පේතෘස්, ස්වාමින්වහන්සේ සිර ගෙයින් පිටතට තමා ගෙනා ආ හැටි විස්තර කළේ ය. “යාකොබ්ටත්, අනෙක් සහෝදරයින්ටත් මේ ගැන දන්වන්නැ” යි ඔවුන්ට පැවසූ ඔහු එතැනින් නික්ම, අන් තැනක් බලා ගියේ ය.
එකල, අසුනින් නැගී සිටි පාවුල් සභාවට අතින් සංඥා කර, කතා කරන්නට වන්නේ ය: “ඉශ්‍රායෙල් ජනයිනි, දෙවියන්වහන්සේට බය ඇත්තනි, මට සවන් දෙන්න.
එහෙත් එය වචන, නාම හා නුඹලාගේ දහම් නීතිය ගැන ගැටළු බැවින් නුඹලාම ප්‍රශ්නය විසඳා ගනිල්ලා. මේ දේවල් ගැන මම විනිශ්චයකරුවෙක් නො වන්නෙමි” යි කීවේ ය.
යුදෙව්වෝ, පිරිස ඉදිරියට ඇලෙක්සැන්ඩර් තල්ලු කළහ. එවිට ඔවුහු මේ මේ ලෙස කරන්නැයි ඔහුට කෑ ගැසූහ. එවිට කරුණු පහදනු පිණිස නිශ්ශබ්ද වන ලෙස ඔහු සංඥා කළේ ය.
සෙන්පති තැන ඊට අවසර දුන් කල, පඩි පෙළ මත සිටගත් පාවුල් නිසල වන ලෙස ජනයාට සංඥා කළේ ය. ඔවුන් සැම නිසල වූ කල පාවුල් හෙබ්‍රෙව් බසින් ඔවුන් අමතන්නට වන්නේ ය.
පීලික්ස් ආණ්ඩුකාරයා වෙත ආරක්ෂා සහිතව පාවුල් ගෙන යන පිණිස, ඔහුට නැගී යන්නට අශ්වයින් ද සපයා දෙන්නැ” යි නියෝග කළේ ය.
එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “ඔබ ගැන කරුණු කියන්නට ඔබට අවසර ඇතැ” යි පැවසී ය. එවිට පාවුල් අත ඔසවා මෙසේ තම නිදහසට කරුණු කියන්නට වන්නේ ය:
ඔබේ හද තුළ ස්වාමින්වහන්සේ ශුද්ධ කොට සලකා, ඔබට ඇති බලාපොරොත්තුව ගැන හේතු විමසන සැමට නිසි පිළිතුරු දීමට හැම විට සූදානමින් සිටින්න. එහෙත් ආචාරශීලීව හා ගරු සැලකිල්ලෙන් යුතුව එසේ කළ යුත්තේ,