ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 23:29 - සිංහල කාලීන පරිවර්තනය

යුදෙව් දහම් නීති ගැන ඔවුන් යම් යම් චෝදනා නැගුවා විනා, මරණයට පත් කිරීමට හෝ සිරගත කිරීමට හෝ හේතු වන කිසි වරදක් ඔහුට විරුද්ධව නැති වග මට පෙනී ගියා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවලියේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස, මරණයට වත්, සිරගත කිරීමට වත් සුදුසු කිසිවක් ගැන ඔහුට චෝදනා නොකළ බව දැන ගතිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවලියේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස, මරණයට වත්, සිරගත කිරීමට වත් සුදුසු කිසිවක් ගැන ඔහුට චෝදනා නොකළ බව දැන ගතිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස මරණයටවත් බැඳුම්වලටවත් සුදුසු යම් දෝෂයක් ඔහු පිට නොතබන බව දැනගතිමි.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 23:29
12 හුවමාරු යොමු  

එහෙත් එය වචන, නාම හා නුඹලාගේ දහම් නීතිය ගැන ගැටළු බැවින් නුඹලාම ප්‍රශ්නය විසඳා ගනිල්ලා. මේ දේවල් ගැන මම විනිශ්චයකරුවෙක් නො වන්නෙමි” යි කීවේ ය.


එහෙත් මා මරණ දඬුවමට සුදුසු වරදකරුවකු වේ නම්, මරණය ප්‍රතික්ෂේප නො කරමි. එහෙත් මට විරුද්ධව මේ යුදෙව්වන් නගන චෝදනා අසත්‍ය නම්, ඔවුන් අතට මා පාවා දීමේ අයිතියක් කිසිවකුටත් නැත. මම සීසර්ගේ විනිශ්චය ඉල්ලමි” යි කීවේ ය.


එහෙත් මරණ දඬුවමට හේතුවක් ඔහු අත නැති වග මට පෙනී ගියත්, ඔහු අධිරාජයාගේ විනිශ්චය ඉල්ලූ බැවින්, රෝමයට ඔහු යැවීමට මා තීරණය කළා.


ඔවුහු ශාලාවෙන් පිටතට එමින්, “මේ මිනිසා මරණයටවත්, සිරගත වීමටවත් හේතු වන කිසිවක් කර නැතැ” යි කීහ.


ඔවුන් මා විභාග කළ විට, මරණ දණ්ඩනයට හේතු වන අපරාධයක් සිදු වී නැති බැවින්, මා නිදහස් කරන්නට අදහස් කළා.