ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 23:2 - සිංහල කාලීන පරිවර්තනය

එවිට උත්තම පූජක අනනියස්, පාවුල්ගේ කටට ගසන ලෙස ඔහු ළඟ සිටියවුනට අණ කළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට උත්තම පූජක අනනියස් ඔහුගේ කටට ගසන ලෙස ළඟ සිටියවුනට අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට උත්තම පූජක අනනියස් ඔහුගේ කටට ගසන ලෙස ළඟ සිටියවුනට අණ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට උත්තම පූජකවූ අනනියස් ඔහුගේ කටට ගසන ලෙස ළඟ සිටියවුන්ට අණකෙළේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 23:2
9 හුවමාරු යොමු  

එවිට ඔවුහු, උන්වහන්සේගේ මුහුණට කෙළ ගැසූහ; මිට මොළවා පහර දුන්හ. සෙසු අය උන්වහන්සේට අත්මිටින් පහර දෙමින්,


යේසුස්වහන්සේ එසේ කී කල, උන්වහන්සේට අතුල් පහරක් ගැසූ ළඟ සිටි භටයෙක්, “උත්තම පූජකයාට කතා කරන්නේ මෙහෙම දැ?” යි ඇසී ය.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා කී දෑ වැරදි නම්, වරද ගැන සාක්ෂි දරන්න. එනමුත් මා කී දෑ නිවැරදි නම්, නුඹ මට පහර දෙන්නේ මන්දැ?” යි ඇසූ සේක.


පස් දිනකට පසු, උත්තම පූජක අනනියස්, වැඩිහිටියන් කීප දෙනෙක් හා තෙර්තුලස් නම් නීතිඥයා කැටිව, කායිසාරියට පැමිණියේ ය. ඔවුහු පාවුල්ට එරෙහි චෝදනා ආණ්ඩුකාරයා වෙත ඉදිරිපත් කළහ.