ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 22:6 - සිංහල කාලීන පරිවර්තනය

“මද්දහන පමණ වන විට මා දමස්කය වෙත ආසන්න වෙත්ම, එක්වරම අහසින් විහිදුණු ආලෝක ධාරාවක් මා වටා බැබළුණු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“මා ගමන් කරමින් දමස්කයට ළං වූ කල, ඉර මුදුන් වේලාව පමණේ දී හදිසියෙන් අහසින් අතිදීප්තිමත් ආලෝකයක් මා වටකර බැබළිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“මා ගමන් කරමින් දමස්කයට ළං වූ කල, ඉර මුදුන් වේලාව පමණේ දී හදිසියෙන් අහසින් අතිදීප්තිමත් ආලෝකයක් මා වටකර බැබළිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද මා ගමන්කරමින් දමස්කයට ළංවූ කල, ඉරමුදුන් වේලාව පමණේදී හදිසියෙන් අහසින් මහත් ආලෝකයක් මා වටකර බැබළුණේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 22:6
11 හුවමාරු යොමු  

උන්වහන්සේ එහිදී ඔවුන් ඉදිරියේ අන් ස්වරූපයක් වූ සේක. උන්වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; උන්වහන්සේගේ වස්ත්‍ර ආලෝකය සේ සුදු විණි.


මා බිම ඇද වැටුණා; එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ?’ යි පවසන කටහඬක් මට ඇසුණා.


ඔවුන්ගේ කලහකාරී ඝෝෂාව වඩ වඩා උත්සන්න වෙද්දී, පරිසීන්ගේ පිලට අයත් දහම් පඬිවරු ඇතැම් දෙනෙක් සභාව මැද නැගිට, තරයේ තර්ක කරමින්, “අපට මේ මිනිසා අත කිසි වරදක් නො පෙනේ. යම් ආත්මයක් හෝ දේව දූතයෙක් හෝ ඔහුට කතා කළා නම් මොකදැ?” යි ඇසූහ.


සියල්ලන්ටම පසු අකලට උපන්නකු වැනි වූ මටත් ය.


උන්වහන්සේගේ දකුණු අතේ, උන්වහන්සේ තාරකා හතක් දරා සිටි අතර, උන්වහන්සේගේ මුවින් තියුණු දෙමුවහත් කඩුවක් නික්මිණි. උන්වහන්සේගේ මුහුණ පරම කාන්තියෙන් බබළන හිරු මෙන් විය.