ඔබ යම් නගරයකට හෝ ගමකට හෝ ඇතුළු වන කල, සුදුසු කෙනකු සොයා බලා, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න.
ක්‍රියා 21:4 - සිංහල කාලීන පරිවර්තනය එබැවින් අපි තීර්හි ගෝලයින් සොයා ගොස්, හත් දවසක් ඔවුන් හා ගත කළෙමු. ශුද්ධාත්මයාණන් විසින් දන්වනු ලැබ, යෙරුසලමට නො යන ලෙස ඔවුහු පාවුල්ට ඇවිටිලි කළහ. Sinhala New Revised Version අපි එහි දී ශ්‍රාවකයන් සොයාගෙන සත් දවසක් නැවතී සිටියෙමු. ජෙරුසලමට නොයන ලෙස ඔව්හු ආත්මයාණන් වහන්සේගෙන් අවවාද ලැබ, පාවුලුට එපවත් කී හ. Sinhala New Revised Version 2018 අපි එහි දී ශ්‍රාවකයන් සොයාගෙන සත් දවසක් නැවතී සිටියෙමු. ජෙරුසලමට නොයන ලෙස ඔව්හු ආත්මයාණන් වහන්සේගෙන් අවවාද ලැබ, පාවුලුට එපවත් කී හ. Sinhala Revised Old Version ගෝලයන් සොයාගෙන එහි සත් දවසක් සිටියෙමුව. යෙරුසලමට යන්ට එපායයි ඔව්හු ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන පාවුල්ට කීවෝය. |
ඔබ යම් නගරයකට හෝ ගමකට හෝ ඇතුළු වන කල, සුදුසු කෙනකු සොයා බලා, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න.
ඔහු සම්භව අන්තියෝකිය වෙත කැඳවාගෙන ආවේ ය. මෙසේ බාර්ණබස් හා සාවුල් අන්තියෝකියේ සභාව හමුවට ගොස්, අවුරුද්දක් මුළුල්ලේ බොහෝ දෙනකුට ඉගැන්වූහ. ගෝලයින් ක්‍රිස්තියානි යන නමින් මුලින්ම අමතනු ලැබුවේ අන්තියෝකියේදී ය.
අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී, පාවුල් රට මැද්දෙන් ගමන් කර, එපීසය වෙත ළඟා විය. එහිදී ඔහුට ගෝලයින් ඇතමකු හමු වී,
කායිසාරියේ ගෝලයින් කීප දෙනෙක් අප සමඟ අවුත්, අප නවාතැන් ගත යුතුව තිබූ මිනාසොන්ගේ නිවෙස වෙත අප කැඳවාගෙන ගියහ. සයිප්‍රස් ජාතිකයකු වූ ඔහු මුල් ගෝලයන්ගෙන් කෙනෙකි.
එහිදී අපට සහෝදරයින් කීප දෙනෙක් හමු විණ. තමන් හා සතියක් ගත කරන ලෙස ඔවුහු අපට ඇරියුම් කළහ. මෙසේ අපි රෝමයට පැමිණියෙමු.
ස්වාමින්වහන්සේගේ දවසේ මම ආත්මයාණන්වහන්සේ තුළ වීමි. එවිට හොරණෑ හඬක් වැනි උස් කටහඬක් මට පිටුපසින්, ඇසිණි.