ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 21:1 - සිංහල කාලීන පරිවර්තනය

ඔවුන්ගෙන් සමුගත් පසු, නැව් නැඟුණ අපි කෙළින්ම කෝස් වෙත යාත්‍රා කළෙමු. පසු දා රෝදස් ද එතැනින් පතාරා වෙත ද ළඟා වීමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අපි ඔවුන්ගෙන් වෙන් ව නැව් නැඟී කෙළින් ම ගොස්, කෝස්ට ද පසුවදා රෝදස්ට ද එතැනින් පතාරාට ද ආවෙමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අපි ඔවුන්ගෙන් වෙන් ව නැව් නැඟී කෙළින් ම ගොස්, කෝස්ට ද පසුවදා රෝදස්ට ද එතැනින් පතාරාට ද ආවෙමු.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අපි ඔවුන්ගෙන් වෙන්ව නැවෙන් පිටත්වී කෙලින්ම ගොස්, කෝස්ටද පසුවදා රෝදස්ටද, එතැනින් පතරටද ආවෙමුව.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 21:1
8 හුවමාරු යොමු  

කතා කර නිම වූ පසු උන්වහන්සේ සීමොන් අමතා, “මාළු මඩියක් අල්ලා ගන්නට දියඹේ ගැඹුරට ගොස්, දැල් දමන්නැ” යි කී සේක.


දිනක් තම ගෝලයින් සමඟ ඔරුවකට නැගුණු යේසුස්වහන්සේ, “අපි විලෙන් එගොඩට යමු” යි කී සේක. එවිට ඔවුහු ඔරුව දියත් කළහ.


ආසියා කලාපයේ වෙරළබඩ වරායන් බලා පිටත්වීමට සූදානමින් තිබූ අද්‍රාමුත්තියේ නැවකට ගොඩ නැගුණු අපි වෙරළින් ඈත් වන්නට වීමු. තෙසලෝනිකයෙහි අරිස්තාර්කස් නම් මකිදෝනි වැසියෙක් ද අප සමඟ විය.


එතැනින් යළි පිටත්ව ගිය ද, සුළඟ අපට විරුද්ධව හැමූ බැවින් අපි සයිප්‍රස් ගොඩබිම් මුවාවෙන් යාත්‍රා කළෙමු.


සහෝදරයිනි, සුළු කලකට සිතින් නො ව ගතින් ඔබ වෙතින් අප වෙන් කරනු ලැබ සිටියදී වුව, ඔබගේ මුහුණ දැකීමේ දැඩි ආශාවෙන් යුතුව යළි ඔබ වෙත ඒමට අපි හැම උත්සාහයක්ම දැරීමු.