ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 19:25 - සිංහල කාලීන පරිවර්තනය

ඔවුන් ද එම කර්මාන්තයට අදාළ අනිකුත් ශිල්පීන් ද එක්රැස් කළ හෙතෙම, “මිනිසුනි, මේ ව්‍යාපාරයෙන් අපට හොඳ ආදායම් ලැබෙන බව ඔබ දන්නවා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු, ඔවුන් ද එබඳු වූ වෙනත් කම්කරුවන් ද රැස් කරවා “භවතුනි, අපට වස්තුව ලැබෙන්නේ මේ කර්මාන්තයෙන් බව ඔබ දන්නහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු, ඔවුන් ද එබඳු වූ වෙනත් කම්කරුවන් ද රැස් කරවා “භවතුනි, අපට වස්තුව ලැබෙන්නේ මේ කර්මාන්තයෙන් බව ඔබ දන්නහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහු ඔවුන්ද එබඳුවූ කර්මාන්තකාරයන්ද රැස්කරවා: මහත්වරුනි, අපට වස්තුව ලැබෙන්නේ මේ කර්මාන්තයෙන් බව නුඹලා දන්නහුය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 19:25
8 හුවමාරු යොමු  

එවිට ඇගේ හාම්පුත්තු, ලාභ ඉපැයීමේ තම බලාපොරොත්තු ගිලිහී ගිය බැව් දැක, පාවුල් හා සීලස් බලෙන්ම අල්ලා, වෙළඳ පොළට ඇදගෙන ගොස්, නිසි බලධාරීන් වෙත පැමිණ වූහ.


දෙමිත්‍රියස් නම් රිදීකරු, අර්තෙමිස් දේවතාවියගේ රිදී පිළිම-කූඩු සෑදීමෙන් රිදී කර්මාන්ත ශිල්පීනට සලසා දුන්නේ සුළු පටු ව්‍යාපාරයක් නො වේ.


එහෙත් මේ මිනිසා, පාවුල් එපීසයෙහි පමණක් නො ව ආසියා කලාපය පුරා මහත් ගණනාවක් ජනයා තම පැත්තට හරවාගෙන, ඔවුන් මුළා කරන හැටි ඔබ අසනවා; ඔබ දකිනවා; ඔහු කියන්නේ, මිනිස් අතින් සාදන දෙවිවරු සැබෑ දෙවිවරු නො වේ කියලයි.


මෙම ගුරුන් මුදලට තණ්හාවෙන්, තමන්ම ගෙතූ කතා මඟින් තම වාසිය සඳහා ඔබ වෙළඳාමක් කර ගනු ඇත. ඔවුන්ගේ වරදට හිමි දණ්ඩනය ඈත අතීතයේ සිටම සූදානම්ව පවතී. ඔවුන්ගේ විනාශය නිදා ගන්නේ නැත.


මන්ද ඇගේ ලිංගික අපචාර කෝපයේ මිදි යුෂවලින්, සියලු ජාතීහු බීමත් වූහ. පොළොවේ රජවරු ඇය හා පරදාර සේවනයේ ගැලුණහ. පොළොවේ වෙළෙන්දෝ, ඇගේ සුඛෝපභෝගිත්වයේ බලයෙන්, ධනයෙන් වැඩුණහ.”