ක්‍රියා 15:4 - සිංහල කාලීන පරිවර්තනය යෙරුසලමට ඔවුන් පැමිණි කල, සභාව ද අපෝස්තුලුවරු ද සභා-මූලිකයෝ ද සාදරයෙන් ඔවුන් පිළිගත්හ. ඔවුහු තමන් මඟින් දෙවියන්වහන්සේ සිදු කළ හැම දෙයක්ම ඔවුන්ට ප්‍රකාශ කළහ. Sinhala New Revised Version ඔවුන් ජෙරුසලමට පැමිණි කල, සභාව ද ප්‍රේරිතයෝ ද සභා මූලිකයෝ ද, ඔවුන් පිළිගත්හ. ඉන්පසු ඔව්හු දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කරැවූ සියලු දේ ඔවුන්ට දැන්වූ හ. Sinhala New Revised Version 2018 ඔවුන් ජෙරුසලමට පැමිණි කල, සභාව ද අපෝස්තුළුවරු ද සභා මූලිකයෝ ද, ඔවුන් පිළිගත්හ. ඉන්පසු ඔව්හු දෙවියන් වහන්සේ තමන් ලවා ඉටු කරැවූ සියලු දේ ඔවුන්ට දැන්වූ හ. Sinhala Revised Old Version ඔව්හු යෙරුසලමට පැමිණි කල සභාව විසින්ද ප්‍රේරිතයන් සහ වැඩිමහල්ලන් විසින්ද පිළිගන්නාලදුව, දෙවියන්වහන්සේ තමුන් ලවා කෙරෙවු සියලු දේ දැන්වුවෝය. |
එහි ළඟා වූ ඔවුහු එහි සභාව රැස් කරවා, දෙවියන්වහන්සේ විසින් තමන් ලවා කරවන ලද සියල්ල ද ඇදහිල්ල කරා අන්‍ය-ජාතීන්ට මගක් හෙළිකර දුන් අයුරු ද විස්තර කළහ.
දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන් අතරේ තමන් ලවා සිදු කළ අනුහස් ලකුණු හා හාස්කම් ගැන පවසද්දී, මුළු සභාව නිහැඬියාවෙන් යුතුව බාර්ණබස්ට හා පාවුල්ට සවන් දුන්හ.
මේ ගැන පාවුල් හා බාර්ණබස් ද ඔවුන් ද අතර තියුණු වාදයක් පැන නැඟිණි. එබැවින් මේ ප්‍රශ්න ගැන යෙරුසලමේ අපෝස්තුලුවරුන් හා සභා-මූලිකයින් හමුවට පාවුල් හා බාර්ණබස් සමඟ තව සමහර දෙනෙක් ද යා යුතු යයි නියම කර ගැනිණ.
ඉන්පසු තමන් අතරින් මිනිසුන් කීප දෙනකු තෝරා, පාවුල් හා බාර්ණබස් සමඟ අන්තියෝකිය වෙත යැවීම සුදුසු වග අපෝස්තුලුවරුනට හා සභා-මූලිකයනට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. සහෝදරයින් අතර නායකයින් වූ බර්සබස් නම් ලත් යූදස් ද සීලස් ද ඒ කාරිය සඳහා තෝරාගත් ඔවුහු,
සභාව ඔවුන් පිටත් කර යැවී ය. ඔවුහු පිනීකිය හා සමාරිය හරහා ගමන් ගනිමින්, අන්‍ය-ජාතීන්ගේ හැරීමේ පුවත පතළ කරමින්, එහි විසූ සියලු සහෝදරයින්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.
යෙරුසලමේ අපෝස්තුලුවරුන් හා සභා-මූලිකයන් විසින් පනවන ලද නියෝග පිළිපැදීම ඔවුන්ට භාර කරමින්, ඔවුහු නගරයෙන් නගරයට ගමන් කළහ.
අකාය වෙත යෑමට අපොල්ලොස්ට ඕනෑ වූ කල සහෝදරයෝ ඔහු දිරිමත් කොට, සාදරයෙන් ඔහු පිළිගන්නා ලෙස එහි ගෝලයින්ට ලියා යැවූහ. දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් අදහා සිටියවුනට අපොල්ලොස්ගේ පැමිණීම මහත් පිළිසරණක් විය.
පාවුල් ඔවුන්ට ආචාර කර ඔවුන් අමතමින්, තම සේවය මඟින් දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන් අතරේ කරන ලද දෑ විස්තර සහිතව දැන්වී ය.
අන්‍ය-ජාතීන් කීකරුකමට ගෙන ඒමට, මා ලවා ක්‍රිස්තුස්වහන්සේ ඉටු කළ කාරිය ගැන මිස, අන් කවර දෙයක් ගැනවත් කතා කිරීමට එඩිතර නො වෙමි. වචනයෙන් ද ක්‍රියාවෙන් ද
එබැවින් දෙවියන්වහන්සේගේ මහිමය පිණිස ක්‍රිස්තුස්වහන්සේ ඔබ පිළිගත් සේ ම, ඔබත් එකිනෙකා පිළිගන්න.
එහෙත් මා කවර තත්වයක සිටිනවා ද, එසේව සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙනි. මා වෙත වූ උන්වහන්සේගේ අනුග්‍රහය නිෂ්ඵල වූයේ නැත. ඇත්තටම ඒ හැමට වැඩියෙන් මම වෙහෙසී වැඩ කළෙමි. එහෙත්, මා නො ව, මා සමඟ වූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයයි.
එනම්, දෙවියන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ ලෝකයා තමන්වහන්සේට සමඟි කර ගනිමින්, ඔවුන්ගේ පාප ඔවුන්ට එරෙහිව ගණන් නො ගෙන, එසේ සමඟි කිරීමේ පණිවුඩය අපට පවරා දී ඇති බව ය.
එබැවින් උන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවන් වශයෙන් අප ඔබෙන් අයැද සිටින්නේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිකරුණේ නො පිළිගන්නා ලෙසයි.
මා හා සිරගතව සිටින අරිස්තාර්කස් ඔබට ආචාර කරයි. බාර්ණබස්ගේ ඥාති සහෝදර මාර්ක් ද ඔබට ආචාර කරයි. මාර්ක් ඔබ වෙත පැමිණියහොත්, ඔහු සාදරයෙන් පිළිගන්න. ඔහු ගැන දැනටමත් ඔබට උපදෙස් ලැබී තිබේ.
ඔබ වෙත එන කවුරුන් වුව ද, මෙම ඉගැන්වීම ගෙන එන්නේ නැතිනම්, ඔබේ ගෙදරට ඒ අය නො පිළිගන්න; ආචාර නො කරන්න.