ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 15:31 - සිංහල කාලීන පරිවර්තනය

ඔවුහු එය කියවා, එහි වූ දිරිගැන්වීමේ පණිවුඩය ගැන ප්‍රමෝදවත් වූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සමූහයා එය කියවා, ඒ අනුශාසනාව ගැන ප්‍රීති වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සමූහයා එය කියවා, ඒ අනුශාසනාව ගැන ප්‍රීති වූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔව්හු එය කියවා, ඒ සැනසිල්ල ගැන ප්‍රීතිවූවෝය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 15:31
8 හුවමාරු යොමු  

මෙකල යුදයේ සිට අන්තියෝකිය වෙත පැමිණි ඇතමෙක්, “මෝස‍ෙස්ගේ නියෝගය ලෙස චාරිත්‍රානුකූලව චර්මඡේද කරනු ලැබුවොත් මිස, ඔබට ගැලවීම ලබන්නට නො හැකි යැ” යි සහෝදරයින්ට උගන්වන්නට වූහ.


එසේ නම් අපටවත්, අපේ පියවරුනටවත් දැරිය නො හැකි වූ බර වියගහක් මේ ගෝලයින්ගේ ගෙල මත පැටවීමෙන් දෙවියන්වහන්සේ පරීක්ෂා කිරීමට ඔබ වෙර දරන්නේ ඇයි?


මෙසේ යවනු ලැබූ අය අන්තියෝකිය වෙත ගොස්, එහි සභාව එක්රැස් කරවා, ලිපිය බාර දුන්හ.


දිවැසිවරුන් වූ යූදස් හා සීලස් සහෝදරයින් ධෛර්යවත් කරමින් හා ඔවුන් ශක්තිමත් කරමින් බොහෝ දෑ පැවසූහ.


මෙසේ ඒ ඒ නගරවල සභා ඇදහිල්ලේ සවිමත් වෙමින්, දිනපතා ගණනින් ද වැඩෙන්නට විය.


ක්‍රිස්තුස්වහන්සේ අප නිදහස් කළේ නිවහල්ව සිටීමට ය. එබැවින් ස්ථාවරව සිටගන්න; වහල් බවේ වියගහට යළි යට නො වන්න.


මන්ද සැබෑ චර්මඡේදිතයෝ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් නමස්කාර කරන, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටු කරන, මාංසය කෙරේ විශ්වාසය නො තබන අපිම ය.