ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් දුර සිට බලා සිටියහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද බාල යාකොබ්ගේ හා යෝසෙස්ගේ මව වූ මරියා ද සලෝමි ද වූහ.
ක්‍රියා 15:13 - සිංහල කාලීන පරිවර්තනය ඔවුන්ගේ කතාව නිම වූ පසු, යාකොබ් සභාව අමතන්නට වන්නේ ය. “සහෝදරවරුනි, මට සවන් දෙන්න; Sinhala New Revised Version ඒ දෙදෙනා කතා කර නිම වූ පසු ජාකොබ් පිළිතුරු දෙමින්, Sinhala New Revised Version 2018 ඒ දෙදෙනා කතා කර නිම වූ පසු ජාකොබ් පිළිතුරු දෙමින්, Sinhala Revised Old Version ඔවුන් නිශ්ශබ්දවූ ඉක්බිති යාකොබ් උත්තරදෙමින් කියනුයේ: |
ස්ත්‍රීන් ඇතැම් දෙනෙක් දුර සිට බලා සිටියහ. ඔවුන් අතර මග්දලාහි මරියා ද බාල යාකොබ්ගේ හා යෝසෙස්ගේ මව වූ මරියා ද සලෝමි ද වූහ.
නිහඬ වන ලෙස ඔවුනට අතින් සන් කළ පේතෘස්, ස්වාමින්වහන්සේ සිර ගෙයින් පිටතට තමා ගෙනා ආ හැටි විස්තර කළේ ය. “යාකොබ්ටත්, අනෙක් සහෝදරයින්ටත් මේ ගැන දන්වන්නැ” යි ඔවුන්ට පැවසූ ඔහු එතැනින් නික්ම, අන් තැනක් බලා ගියේ ය.
දෙවියන්වහන්සේ ස්වකීය නාමයට අන්‍ය-ජාතිකයින් අතරින් ජනතාවක් පළමු කොට තෝරාගත් හැටි සීමොන් අපට විස්තර කළා.
එහෙත් පේතෘස් එකොළොස් දෙනා සමඟ නැගිට සිටගෙන, උස් හඬ නගා ඔවුන් අමතමින්, “යුදෙව් මිනිසුනි, යෙරුසලමේ වාසය කරන සියල්ලෙනි, ඔබ මෙය දැන ගන්නවා හොඳයි; මගේ වචනවලට සවන් දෙන්න.
“ඉශ්‍රායෙල් මිනිසුනි, මේ වචන අහගන්න. ඔබ දන්නා පරිදි ඔබට දෙවියන්වහන්සේ සහතික කළ මනුෂ්‍යයකු වූ නාසරෙත්හි යේසුස්වහන්සේ ලවා ඔබ අතරේ බලවත් ක්‍රියා, හාස්කම් ලකුණු දෙවියන්වහන්සේ කර වූ සේක.
“සහෝදරවරුනි, අපගේ ආදි කුල දෙටු දාවිත් මිය ගිය බවත්, මිහිදන් කළ බවත් නිසැකව ම කියන්නට මට පුළුවන. ඔහුගේ සොහොන අද දක්වාත් අප අතරේ තියේ.
ස්තේපන් මෙසේ පිළිතුරු දෙන්නට වන්නේ ය: “සහෝදරයිනි, පියවරුනි, මට සවන් දෙන්න. අප ආදි පිය වූ ආබ්‍රහම්, හාරාන්හි විසීමට පෙර, මෙසපොතාමියාවේ සිටියදී, තේජසේ දෙවියන්වහන්සේ ඔහුට පෙනී,
මන්ද යාකොබ් වෙතින් කීප දෙනකු එන්නට කලින් අන්‍ය-ජාතිකයින් සමඟ එකට ආහාර ගත් ඔහු, ඔවුන් පැමිණි පසු පසුබා, අන්‍ය-ජාතිකයින්ගෙන් වෙන්ව සිටින්නට වූයේ අර චර්මඡේදිත කණ්ඩායමට බියෙනි.
මට දී තිබූ ඒ අනුග්‍රහය හැඳිනගත් කල, සභා කණු මෙන් සැලකෙන යාකොබ්, කේපස් හා යොහන් පංගුකාරකමේ දකුණත බාර්ණබස්ටත්, මටත් දුන්නේ, අප අන්‍ය-ජාතීන් වෙතත්, ඔවුන් චර්මඡේදිතයින් වෙතත් යා යුතු බවට එකඟ වෙමිනි.
විසිර ගොස් සිටින ගෝත්‍ර වංශ දොළහ වෙත, දෙවියන්වහන්සේගේ ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ ද සේවකයකු වන යාකොබ් වෙතිනි. සෙත් වේවා!
මෙය සිහි තබාගන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, හැම කෙනෙක්ම ඇසීමට ඉක්මන් වන්න. කතා කිරීමට පමා වන්න. කෝපවීමටත් පමා වන්න.