ක්‍රියා 14:13 - සිංහල කාලීන පරිවර්තනය නගර සීමාවෙන් ඔබ්බෙහි පිහිටි සියුස්ගේ දේවාලය භාර කපුවා ගොනුන් ද මල්මාලා ද රැගෙන නගර දොරටුව වෙත ආවේ, ජන සමූහයා සමඟ ඔවුන්ට යාගයක් පිදීමේ අටියෙනි. Sinhala New Revised Version නුවර දොරටුවෙහි පිහිටි සියුස්ගේ දේවාලයේ පාලක පූජක තැන ගොනුන් ද මල්මාලා ද දොරටුව ළඟට ගෙනැවිත්, සමූහයන් සමඟ යාග කරන්නට සූදානම් විය. Sinhala New Revised Version 2018 නුවර දොරටුවෙහි පිහිටි සියුස්ගේ දේවාලයේ පාලක පූජක තැන ගොනුන් ද මල්මාලා ද දොරටුව ළඟට ගෙනැවිත්, සමූහයන් සමඟ යාග කරන්නට සූදානම් විය. Sinhala Revised Old Version නුවර ඉදිරියෙහි පිහිටියාවූ සියුස්ගේ දේවාලයේ පූජක තෙමේ ගොන්ද මල්මාලාද දොරටුව ළඟට ගෙනැවිත්, සමූහයන් සමඟ යාගකරන්ට හැදුවේය. |