ස්තේපන් සම්බන්ධ පීඩාව හේතුවෙන් විසිරවනු ලැබූවෝ යුදෙව්වනට පමණක් වචනය පවසමින්, පිනීකිය, සයිප්‍රස් හා අන්තියෝකිය දක්වා ගමන් කළහ.
ක්‍රියා 13:4 - සිංහල කාලීන පරිවර්තනය මෙසේ ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව, ඔවුහු සිලුකි වරාය වෙත අවුත්, එතැනින් නැව් නැග, සයිප්‍රස් බලා යාත්‍රා කළහ. Sinhala New Revised Version මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව සිලුකියට බැස ගොස්, එහි දී නැව් නැඟී සයිප්‍රසයට ගියහ. Sinhala New Revised Version 2018 මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව සිලුකියට බැස ගොස්, එහි දී නැව් නැඟී සයිප්‍රසයට ගියහ. Sinhala Revised Old Version මෙසේ ඔව්හු ශුද්ධාත්මයාණන් විසින් යවනලදුව සිලුකියට බැසගොස්, එහිදී නැව් නැගී කුප්‍රසට ගියෝය. |
ස්තේපන් සම්බන්ධ පීඩාව හේතුවෙන් විසිරවනු ලැබූවෝ යුදෙව්වනට පමණක් වචනය පවසමින්, පිනීකිය, සයිප්‍රස් හා අන්තියෝකිය දක්වා ගමන් කළහ.
ඔවුන් ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, නිරාහාරව සිටි අවස්ථාවක, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් අමතමින්, “මා විසින් කැඳවනු ලැබූ සේවාව සඳහා බාර්ණබස් හා සාවුල් යන දෙදෙන මට වෙන් කරන්නැ” යි කී සේක.
කීප දවසකට පසු පාවුල්, බාර්ණබස් අමතමින්, “අපි ස්වාමින්වහන්සේගේ වචනය දේශනා කළ නගර සියල්ලට ආපසු ගොස්, ඒවායේ සහෝදරයින් බැහැදැක, ඔවුන් කෙලෙස කටයුතු කරන්නේදැයි සොයා බලමු” යි යෝජනා කළේ ය.
මා එකක් දන්නවා; නගරයක් නගරයක් පාසා ශුද්ධාත්මයාණන් මට ප්‍රකාශ කරන්නේ, සිරගතවීම් හා හිරිහැරවලට මා මුහුණ ලා සිටින වගයි.
එතැනින් යළි පිටත්ව ගිය ද, සුළඟ අපට විරුද්ධව හැමූ බැවින් අපි සයිප්‍රස් ගොඩබිම් මුවාවෙන් යාත්‍රා කළෙමු.
අපෝස්තුලුවරුන් විසින් බාර්ණබස් යයි හැඳින් වූ (එහි අරුත දිරි ගන්වන පුත්‍රයා යනුයි) යෝසෙප් නම් මිනිසෙක් විය. ලෙවී වාංශිකයෙක් වූ ඔහු සයිප්‍රස් වැසියෙකි.