මගේ දර්ශනයෙන් මා දුටු අශ්වයින් හා අසරුවන් මා දැක්කේ මෙසේ ය: ඔවුන්ගේ ළය වැසුම් ගිනි, ඉඳුනිල් හා ගෙන්දගම් යන පැහැයෙන් යුතු විණි. අශ්වයින්ගේ හිස්, සිංහ හිස් හා සමාන විය. උන්ගේ කටින් ගිනි, දුම් හා ගෙන්දගම් පිටව ආවේ ය.
එළිදරව් 9:9 - සිංහල කාලීන පරිවර්තනය යකඩ ළය වැසුම් වැනි ළය වැසුම් උන්ට තිබිණි. උන් පියාසලන හඬ, බොහෝ අශ්වයින් හා අශ්ව රථ යුද්ධයට කඩා වදින හඬට සමාන විණි. Sinhala New Revised Version උන්ගේ ළය වැසුම් යකඩ ළය වැසුම් මෙන් විය. උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධයට කඩා පනින බොහෝ අශ්වරථවල ශබ්දයට සමාන ය. Sinhala New Revised Version 2018 උන්ගේ ළය වැසුම් යකඩ ළය වැසුම් මෙන් විය. උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධයට කඩා පනින බොහෝ අශ්වරථවල ශබ්දයට සමාන ය. Sinhala Revised Old Version යකඩ ළයවැසුම් මෙන් ළයවැසුම් උන්ට තිබුණේය; උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධයට දුවන බොහෝ අශ්ව රථවල ශබ්දය වාගේය. |