යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඉහළින් ඔබට අනුමැතිය දුන්නොත් මිස, මා කෙරේ ඔබට කිසි බලයක් නැත. එබැවින් ඔබ අතට මා පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතළ යැ” යි කී සේක.
එළිදරව් 9:5 - සිංහල කාලීන පරිවර්තනය පස් මසක් ඔවුන්ට වධ දෙන්නට උන්ට අවසර ලැබිණ; එහෙත් මිනිසුන් මරන්නට නො වේ; ඔවුන් විඳි වේදනාව ගෝනුස්සකු මිනිසකුට දෂ්ට කළ විට දැනෙන වේදනාව බඳු විය. Sinhala New Revised Version උන්ට අවසර තිබුණේ මිනිසුන් මරන්නට නොව ඔවුන්ට පස් මසක් පීඩා කරන්නට ය. ඔවුන්ගේ වේදනාව මනුෂ්‍යයෙකුට ගෝනුස්සෙකු ඇන්න විට හටගන්න වේදනාව මෙන් විය. Sinhala New Revised Version 2018 උන්ට අවසර තිබුණේ මිනිසුන් මරන්නට නොව ඔවුන්ට පස් මසක් පීඩා කරන්නට ය. ඔවුන්ගේ වේදනාව මනුෂ්‍යයෙකුට ගෝනුස්සෙකු ඇන්න විට හටගන්න වේදනාව මෙන් විය. Sinhala Revised Old Version උන්ට අවසර දුන්නේ මිනිසුන් මරන පිණිස නොව ඔවුන් පස් මසක් වදකරනු ලබන පිණිසය. ඔවුන්ගේ වේදනාව මනුෂ්‍යයෙකුට ගෝනුස්සෙක් ඇන්න කල හටගන්න වේදනාව මෙන් වූයේය. |
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඉහළින් ඔබට අනුමැතිය දුන්නොත් මිස, මා කෙරේ ඔබට කිසි බලයක් නැත. එබැවින් ඔබ අතට මා පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතළ යැ” යි කී සේක.
ඔවුන් තම සාක්ෂිය නිම කළ විට, පතුලක් රහිත අගාධයෙන් නැගී එන මෘගයා ඔවුන් හා යුද්ධ කර, ඔවුන්ගෙන් ජය ගෙන, ඔවුන් මරා දමනු ඇත.
අහංකාර හා දේවාපහාසික වචන පැවසීමේ මුඛයක් හා මාස හතළිස්දෙකක් අධිපතිකම් පෑමේ වරය මෘගයාට දෙනු ලැබී ය.
ශුද්ධවතුනට එරෙහිව යුද්ධ කිරීමට හා ඔවුන් පරාජය කිරීමට මෘගයාට බලය දෙන ලදී. තවද ගෝත්‍ර, ජනයා, භාෂා හා ජාතීන් යන හැමට ඉහළින් ඌට ආධිපත්‍යය දෙන ලදී.
ගෝනුස්සන්ට මෙන් වල්ගා හා දළ උන්ට තිබිණි. පස් මසක් මිනිසුන්ට හිංසා කරන්නට උන්ගේ බලය තිබුණේ උන්ගේ වල්ගාවල ය.
ඒ දුමින් පළඟැටි නික්ම පොළොවට බැස ආහ. පොළොවේ ගෝනුස්සන්ගේ බලය වැනි බලයක් උන්ට දෙන ලදී.