එළිදරව් 8:4 - සිංහල කාලීන පරිවර්තනය ඒ සුවඳ ද්‍රව්‍යයන්හි දුම, ශුද්ධවතුන්ගේ යාච්ඤා සමඟ දේව දූතයා අතින් දෙවියන්වහන්සේ අබියසට නැංගේ ය. Sinhala New Revised Version සුගන්ධ ද්‍රව්‍යයන්හි දුම සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ දේව දූතයාගේ අතින් දෙවියන් වහන්සේ වෙත නැඟුණි. Sinhala New Revised Version 2018 සුගන්ධ ද්‍රව්‍යයන්හි දුම සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ දේව දූතයාගේ අතින් දෙවියන් වහන්සේ වෙත නැඟුණි. Sinhala Revised Old Version සුගන්ධ ද්‍රව්‍යයේ දුම ශුද්ධවන්තයන්ගේ යාච්ඤා සමඟ දේවදූතයාගේ අතින් දෙවියන්වහන්සේ ඉදිරියට නැංගේය. |
කොර්නේලියස් බියෙන් දෑස් දල්වා බලා, “කිමෙක් ද ස්වාමිනි?” යි ඇසී ය. එවිට දේව දූතයා පිළිතුරු දෙමින්, “ඔබගේ යාච්ඤා හා දාන දෙවියන්වහන්සේ ඉදිරියට සමරුවක් සේ නැගී ඇත;
දෙවියන්වහන්සේගේ තේජෝ මහිමයෙන් හා උන්වහන්සේගේ බලය වෙතින් ආ දුමාරයෙන් ශුද්ධස්ථානය පිරී ගියේ ය. දේව දූතයින් හත් දෙනාගේ වසංගත හත සම්පූර්ණ කරන තෙක් කිසිවකුටත් ශුද්ධස්ථානයට ඇතුළු වීමට නුපුළුවන් විය.
රන් දුම් බඳුනක් රැගත් වෙනත් දේව දූතයෙක් අවුත්, පූජාසනය ළඟ සිට ගත්තේ ය. සිංහාසනය ඉදිරිපිට රන් පූජාසනය මත, සියලු ශුද්ධවතුන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස, සුවඳ ද්‍රව්‍ය බොහොමයක් ඔහුට දෙන ලදී.