එළිදරව් 8:1 - සිංහල කාලීන පරිවර්තනය බැටළු පැටවාණන් හත්වන මුද්‍රාව කැඩූ කල, අඩ පැයකට පමණ ස්වර්ගයේ නිහැඬියාවක් විය. Sinhala New Revised Version බැටළු පෝතකයාණන් සත් වන මුද්‍රාව කැඩූ කල ස්වර්ගයෙහි අඩපැයක් පමණ නිශ්ශබ්දතාවක් ඇති විය. Sinhala New Revised Version 2018 බැටළු පෝතකයාණන් සත් වන මුද්‍රාව කැඩූ කල ස්වර්ගයෙහි අඩපැයක් පමණ නිශ්ශබ්දතාවක් ඇති විය. Sinhala Revised Old Version උන්වහන්සේ සත්වෙනි මුද්‍රාව කැඩූ කල පැය බාගයක් පමණ ස්වර්ගයෙහි නිශ්ශබ්දයක් විය. |
තවද සිංහාසනයේ හිඳ හුන් තැනැන්වහන්සේගේ දකුණු අතේ, ඇකුළුම් පොතක් තිබෙනු දුටුවෙමි. ඇතුළත හා පිටත ලියන ලද එය මුද්‍රා හතකින් මුද්‍රා තබා තිබිණ,
ඔවුහු අලුත් ගීයක් ගැයූහ: “සුදුසුයි ඔබ පොත ගන්නට, හා එහි මුද්‍රා අරින්නට, මන්ද ඔබ මරන ලද නිසා ඔබගේ ලෙයින් වන්දි ගෙවා, හැම ගෝත්‍රයකින් හා භාෂාවකින් ද හැම ජනතාවකින් හා ජාතියකින් ද, මිනිසුන් දෙවියන්වහන්සේට මිලයට ගෙන,
බැටළු පැටවාණන් මුද්‍රා හතෙන් පළමුවැන්න කඩනු මම බලා සිටියෙමි. එවිට ජීවමාන සත්වයින් හතර දෙනාගෙන් එකකු ගිගුරුමක් වැනි හඬින්, “එනු!” යි කියනු මට ඇසිණි.
උන්වහන්සේ හයවන මුද්‍රාව කඩන කල මම බැලුවෙමි. එවිට මෙන්න, මහා භූමිකම්පාවක්; හිරු, ගෝණි රෙද්දක් සේ කළු විය. පුරාහඳ මුළුමනින්ම ලේ වැනි විය.
උන්වහන්සේ තුන් වන මුද්‍රාව කැඩූ කල, තුන් වන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි. මා බැලූ කල, මෙන්න! කළු අශ්වයෙක්! අසරුවා අත තරාදි යුගලයක් තිබිණි.
උන්වහන්සේ පස් වන මුද්‍රාව කැඩූ කල, පූජාසනය යට මා දුටුවේ, දෙවියන්වහන්සේගේ වචනය නිසාත්, තමන් දැරූ සාක්ෂිය නිසාත් මරනු ලැබූවන්ගේ ජීවාත්මයන් ය.