“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබූ නිධානයකට සමාන ය. මිනිසකුට එය හමු වූ කල, ඔහු එය යළි සඟවා, සොම්නසින් පිටත්ව ගොස්, තමන් සතු හැම දේ විකුණා ඒ කෙත මිලට ගනී.
එළිදරව් 3:18 - සිංහල කාලීන පරිවර්තනය ඔබ ධනවත් වන පිණිස, ගින්නෙන් පවිත්‍ර කරන ලද රන් ද ඔබට ඇඳගන්නට හා ලජ්ජා සහගත ඔබගේ නග්න භාවය නො පෙනෙන පිණිස, සුදු ඇඳුම් ද දකින්නට හැකි වන පිණිස, ඔබේ ඇස්වල තවරා ගන්නට නෙතු ආලේප ද මගෙන් මිලයට ගන්නා ලෙස මම ඔබට අවවාද කරමි. Sinhala New Revised Version එහෙයින් ඔබ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කළ රන් ද, නග්න භාවයේ විළිලජ්ජාව එළි නොවන පිණිස ඇඳගන්නට ධවල වස්ත්‍ර ද, ඇස් පෙනෙන පිණිස ආලේප කිරීමට අඳුන් ද, මාගෙන් මිලට ගන්නා ලෙස මම අවවාද කරමි. Sinhala New Revised Version 2018 එහෙයින් ඔබ ධනවත් වන පිණිස ගින්නෙන් පවිත්‍ර කළ රන් ද, නග්න භාවයේ විළිලජ්ජාව එළි නොවන පිණිස ඇඳගන්නට ධවල වස්ත්‍ර ද, ඇස් පෙනෙන පිණිස ආලේප කිරීමට අඳුන් ද, මාගෙන් මිලට ගන්නා ලෙස මම අවවාද කරමි. Sinhala Revised Old Version නුඹ ධනවත්වන පිණිස ගින්නෙන් පවිත්‍රකරනලද රන්ද, නුඹේ නග්නභාවයේ ලජ්ජාව ප්‍රකාශ නොවන පිණිස හැඳගන්ට සුදු වස්ත්‍රද, නුඹේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ගාගන්ට අඳුන්ද මාගෙන් ලබාගන්ට නුඹට අවවාදකරමි. |
“ස්වර්ග රාජ්‍යය, කෙතක සඟවා තිබූ නිධානයකට සමාන ය. මිනිසකුට එය හමු වූ කල, ඔහු එය යළි සඟවා, සොම්නසින් පිටත්ව ගොස්, තමන් සතු හැම දේ විකුණා ඒ කෙත මිලට ගනී.
“එහෙත්, නුවණ ඇත්තියෝ පිළිතුරු දෙමින්, ‘අපටත්, ඔබටත් සෑහෙන තරම් තෙල් මෙහි නැති බැවින්, තෙල් වෙළඳුන් වෙත ගොස්, ඔබම මිලදී ගන්නැ’ යි කීවෝ ය.
“දෙවියන්වහන්සේ හමුවේ පොහොසත් නො වී, තමන් උදෙසා වස්තුව රැස් කරන අය ඒ ආකාර වෙතැ” යි පැවසූ සේක.
මන්ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ දනිති. උන්වහන්සේ ධනවත් නමුදු ඔබ උදෙසා දිළිඳු බවට පැමිණියේ උන්වහන්සේගේ දිළිඳු බව තුළින්, ඔබ ධනවත් වන පිණිස ය.
ඔවුන් හොඳ දේ කළ යුතුව ඇත; සත් ක්‍රියාවලින් පොහොසත්ව, ත්‍යාගශීලීව හා බෙදා හදා ගත යුතුව ඇත.
මේ අහන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, ඇදහිල්ලේ ධනවත් වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ රාජ්‍යයේ උරුමකරුවන් වන පිණිසත්, මේ ලෝකයේ දුගීන් උන්වහන්සේ තෝරා නො ගත් සේක් ද?
ගින්නේ ලා පරීක්ෂා කළත් දිරා යන සුළු රත්රන්වලට වඩා අනර්ඝ වූ පරීක්ෂා කරන ලද ඔබගේ ඇදහිල්ලේ අව්‍යාජත්වය ඔප්පු වී, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශ වීමේදී එය ප්‍රශංසාවකට ද තේජසකට ද ගෞරවයකට ද හේතු වන වග දැක්වෙන පිණිස ය.
“මෙන්න, මම සොරෙකු මෙන් එන්නෙමි! නිරුවතින් ගොසින්, ලජ්ජාව ප්‍රදර්ශන නො වන පිණිස, තම ඇඳුම් හැඳ, අවදිව සිටින්නා භාග්‍යවත් ය.”
ඇයට හැඳ ගැනීමට, දීප්තිමත්, පවිත්‍ර, සිහින් හණ පිළි දෙනු ලැබිණි.” (එම සිහින් හණ පිළි ශුද්ධවතුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා ය.)
“ඔබගේ පීඩා ද ඔබගේ දිළිඳුකම ද දනිමි. එහෙත් ඔබ ධනවත් ය! යුදෙව්වන් නො වන නමුත් තුමූ යුදෙව්වන්ය කියා ගන්නා, සාතන්ගේ සිනගෝගයට අයත් වූවන්ගේ අපවාද ද මම දනිමි.
‘මා ධනවත් ය; මා ධනය අත්කර ගෙන ඇත. කිසිවකින් මට අඩුවක් නැතැ’ යි ඔබ කියන්නේ ඔබගේ කාලකණ්ණි, දුක්ඛිත, දුගී, අන්ධ හා නග්න භාවය අවබෝධ කරගෙන නො වේ.
ඒ සිංහාසනය වටා තවත් සිංහාසන විසිහතරක් විය; ඒ සිංහාසන මත සුදු ඇඳුම් හැඳි, තම හිස් මත රන් ඔටුනු පැලඳි වැඩිමහල්ලෝ විසිහතර දෙනෙක් හිඳ සිටියහ.
එවිට වැඩිමහල්ලන්ගෙන් කෙනෙක් මා අමතමින්, “මේ සුදු ලෝගු හැඳ සිටින අය කවුරු ද? ඔවුන් ආවේ කොහේ සිට දැ?” යි ඇසී ය.