තවද ඌ, උසස්, පහත්, දුප්පත්, පොහොසත්, වහල්, නිවහල් යන හැමට ඔවුන්ගේ දකුණු අතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්නට සැලැස්වී ය.
එළිදරව් 19:5 - සිංහල කාලීන පරිවර්තනය එවිට සිංහාසනයෙන් පැමිණි කටහඬක් මෙසේ පැවසී ය: “අපේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්න. උන්වහන්සේගේ සියලු සේවකයිනි, උන්වහන්සේට බය, ලොකු කුඩා සියල්ලෙනි,” Sinhala New Revised Version තවද, “අපේ දෙවියන් වහන්සේගේ සියලු සේවකයෙනි, උන් වහන්සේට බිය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කියන හඬක් සිංහාසනයෙන් නික්මිණි. Sinhala New Revised Version 2018 තවද, “අපේ දෙවියන් වහන්සේගේ සියලු සේවකයෙනි, උන් වහන්සේට බිය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන් වහන්සේට ප්‍රශංසා කරන්නැ”යි කියන හඬක් සිංහාසනයෙන් නික්මිණි. Sinhala Revised Old Version තවද: අපේ දෙවියන්වහන්සේගේ සියලු මෙහෙකරුවෙනි, උන්වහන්සේට භය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියන ශබ්දයක් සිංහාසනයෙන් නික්මුණේය. |
තවද ඌ, උසස්, පහත්, දුප්පත්, පොහොසත්, වහල්, නිවහල් යන හැමට ඔවුන්ගේ දකුණු අතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්නට සැලැස්වී ය.
හත්වන දේව දූතයා තම පාත්‍රය අහසේ වැගිරවී ය. එවිට උස් කටහඬකින්, “එය නිම විණැ” යි සිංහාසනයේ සිට කියනු දේව මාලිගයෙන් මට ඇසිණි.
එවිට නුඹලාට රජුන්ගේ මස් ද හමුදාපතීන්ගේ මස් ද බලවතුන්ගේ මස් ද අශ්වයින්ගේ හා අසරුවන්ගේ මස් ද වහල්, නිවහල්, ලොකු, කුඩා යන සියලු මිනිසුන්ගේ මස් ද කන්නට හැකි යැ” යි කීවේ ය.
තවද ලොකු කුඩා මළවුන් සිංහාසනය ඉදිරියේ සිටගෙන සිටිනවා දුටුවෙමි. පොත් දිග හරිනු ලැබිණි. ජීවනයේ පොත වන තවත් පොතක් දිග හරින ලදී. පොත්වල ලියන ලද දෑ ලෙස, තම තමන් කර තිබූ දෑ අනුව මළාහු විනිශ්චය කරන ලදහ.
එබැවින්, “ඔවුහු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියේ, දිවා රැයේ උන්වහන්සේට, උන්වහන්සේගේ මාලිගයේ මෙහෙ කරති. සිංහාසන මත හිඳිනා තැනැන්වහන්සේ ස්වකීය අභිමුඛය, ඔවුනට ඉහළින් සෙවණක් කරන සේක.