“යමෙක් වහල්කමට යෑමට නියම නම්, වහල්කමටම ඔහු යන්නේ ය. යමෙක් කඩුවෙන් මරනු ලබන්නට වේ නම්, කඩුවෙන්ම ඔහු මරනු ලැබිය යුතු ය.” මෙය, ශුද්ධවතුන්ගේ ඉවසීමත්, ඇදහිල්ලත් සඳහා කැඳවීමකි.
එළිදරව් 17:11 - සිංහල කාලීන පරිවර්තනය සිටිය, එහෙත් දැන් නැති මෘගයා අට වැන්නෙකි; හත් දෙනාට අයත්වන්නෙකි. ඔහු විනාශයට යයි. Sinhala New Revised Version ජීවත් ව සිටියා වූ ද දැන් නැත්තා වූ ද මෘගයා, සත් දෙනාගෙන් එකෙකු වන අතර, අටවැනියෙක් ද වේ. ඔහු විනාශයට යන්නේ ය. Sinhala New Revised Version 2018 ජීවත් ව සිටියා වූ ද දැන් නැත්තා වූ ද මෘගයා, සත් දෙනාගෙන් එකෙකු වන අතර, අටවැනියෙක් ද වේ. ඔහු විනාශයට යන්නේ ය. Sinhala Revised Old Version සිටියාවූ දැන් නැත්තාවූ මෘගයාම අටවෙනියෙක්ව සත්දෙනාගෙන් එක්කෙනෙක්ව සිටින්නේය; ඔහු විනාශයට යන්නේය. |
“යමෙක් වහල්කමට යෑමට නියම නම්, වහල්කමටම ඔහු යන්නේ ය. යමෙක් කඩුවෙන් මරනු ලබන්නට වේ නම්, කඩුවෙන්ම ඔහු මරනු ලැබිය යුතු ය.” මෙය, ශුද්ධවතුන්ගේ ඉවසීමත්, ඇදහිල්ලත් සඳහා කැඳවීමකි.
ඌ, පළමු මෘගයාගේ මුළු ආධිපත්‍යය ඌ ඉදිරියේ අභ්‍යාස කරමින්, මාරක තුවාලයෙන් සුවය ලැබ සිටි පළමු මෘගයාට පොළොව ද එහි වාසීන් ද නමස්කාර කරවී ය.
උගේ හිස්වලින් එකක මාරක තුවාලයක් තිබුණාක් මෙන් පෙනුනත්, ඒ මාරක තුවාලය සුව වී තිබිණි. මුළු පොළොව මවිතව මෘගයා පස්සේ ගියහ.
ඔබ දුටු මෘගයා සිටියේ ය; දැන් නැත. එහෙත්, පතුලක් රහිත වළෙන් නැගිට අවුත්, විනාශයට යන්නට ළඟ ය; ලෝකයේ අත්තිවාරමේ පටන් ජීවන පොතේ නාම නො ලියවුණු පොළෝ වාසීහු, මෘගයා දකින කල පුදුමයට පත් වන්නෝ ය. මන්ද ඌ සිටියේ ය; දැන් නැත; එහෙත් මතු එන්නේ ය.