ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එළිදරව් 14:19 - සිංහල කාලීන පරිවර්තනය

එවිට දේව දූතයා පොළොව පිට තම දෑකැත්ත යොදා, එහි මිදි පල අස්වැන්න රැස් කොට, දේව උදහසේ මිදි මඩින මහා මෝලට ඒවා හෙළී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දේව දූතයා තමාගේ දෑකැත්ත පොළොවෙහි යොදා, පොළොවෙහි මිදි පල රැස් කොට, දෙවියන් වහන්සේගේ උදහස නමැති මහා මිදි මිරිකන වළට හෙළී ය. නුවරින් පිටත ඒ වළේ මිදි පාගන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දේව දූතයා තමාගේ දෑකැත්ත පොළොවෙහි යොදා, පොළොවෙහි මිදි පල රැස් කොට, දෙවියන් වහන්සේගේ උදහස නමැති මහා මිදි මිරිකන වළට හෙළී ය. නුවරින් පිටත ඒ වළේ මිදි පාගන ලදී.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට දේවදූතයා තමාගේ දෑකැත්ත පොළොවට හෙළා, පොළොවේ මිදිපල රැස්කොට, දෙවියන්වහන්සේගේ උදහස නමැති මහත් මිදිපැසට හෙළුවේය.

පරිච්ඡේදය බලන්න



එළිදරව් 14:19
5 හුවමාරු යොමු  

ගින්න බාරව සිටි වෙනත් දේව දූතයෙක් පූජාසනය වෙතින් අවුත්, මුවහත් දෑකැත්ත ඇතිව සිටි දේව දූතයාට උස් හඬින් කතා කර, “ඔබගේ දෑකැත්ත යොදා පොළොවේ මිදි වැලේ මිදි පොකුරු රැස් කරන්න; මන්ද එහි මිදි පල ඉදිලා” යි කීවේ ය.