කිසි ලෙසකින් ඔබ රවටන්නට කිසිවකුට ඉඩ නො දෙන්න. පළමුව මහා විරෝධයත්, නොපනත්කමේ මිනිසා හෙවත් විනාශයේ පුත්‍රයා ප්‍රකාශ වීමත් සිදුවන තුරු, ඒ දවස පැමිණෙන්නේ නැත.
එළිදරව් 13:5 - සිංහල කාලීන පරිවර්තනය අහංකාර හා දේවාපහාසික වචන පැවසීමේ මුඛයක් හා මාස හතළිස්දෙකක් අධිපතිකම් පෑමේ වරය මෘගයාට දෙනු ලැබී ය. Sinhala New Revised Version අහංකාර වචන ද දේව අපහාස ද තෙපලීමට කටක් ඌට දෙන ලදි. තවද මාස සතළිස් දෙකක් තමා කැමැති සේ ක්‍රියා කිරීමට ඌට බලය දෙන ලද්දේ ය. Sinhala New Revised Version 2018 අහංකාර වචන ද දේව අපහාස ද තෙපලීමට කටක් ඌට දෙන ලදි. තවද මාස සතළිස් දෙකක් තමා කැමැති සේ ක්‍රියා කිරීමට ඌට බලය දෙන ලද්දේ ය. Sinhala Revised Old Version අහංකාර දේවල්ද දේව අපහාසද කථාකරන මුඛයක් ඌට දෙනලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙනලද්දේය. |
කිසි ලෙසකින් ඔබ රවටන්නට කිසිවකුට ඉඩ නො දෙන්න. පළමුව මහා විරෝධයත්, නොපනත්කමේ මිනිසා හෙවත් විනාශයේ පුත්‍රයා ප්‍රකාශ වීමත් සිදුවන තුරු, ඒ දවස පැමිණෙන්නේ නැත.
දෙවියන් යයි කියනු ලබන හැමට හා නමස්කාර කරනු ලබන හැම දේට එරෙහිව ඔහු තමාම උසස් කර ගනිමින්, දෙවියන්වහන්සේගේ මාලිගයේ අසුන් ගන්නේ තමා දෙවියන් යයි කියා පාමිනි.
නොපනත්කමේ මිනිසා එළිදරවු කරනු ලබන්නේ ඉන්පසුව ය; යේසුස් ස්වාමින්වහන්සේ සිය මුවෙහි හුස්මෙන් ඔහු නසා හෙළා, ස්වකීය ආගමනයේ තේජසින් ඔහු වනසනු ඇත.
ඔවුන් තම සාක්ෂිය නිම කළ විට, පතුලක් රහිත අගාධයෙන් නැගී එන මෘගයා ඔවුන් හා යුද්ධ කර, ඔවුන්ගෙන් ජය ගෙන, ඔවුන් මරා දමනු ඇත.
පාළුකරයේ ඇයගේ ස්ථානයට සර්පයා වෙතින් පියඹා යා හැකි වන පිණිස, මහා රාජාලියාගේ පියාපත් දෙක ස්ත්‍රියට දෙනු ලැබී ය. එහිදී කාලයකටත්, කාලවලටත්, අඩ කාලයකටත් ඕ නඩත්තු කරනු ලබන්නී ය.
ස්ත්‍රිය, පාළුකරයට පලා ගියා ය; එය, එක්දහස් දෙසියහැට දවසක් ඇය නඩත්තු කරන ලබන පිණිස, දෙවියන්වහන්සේ විසින් ඇයට පිළියෙල කරදෙන ලද ස්ථානයකි.
ශුද්ධවතුනට එරෙහිව යුද්ධ කිරීමට හා ඔවුන් පරාජය කිරීමට මෘගයාට බලය දෙන ලදී. තවද ගෝත්‍ර, ජනයා, භාෂා හා ජාතීන් යන හැමට ඉහළින් ඌට ආධිපත්‍යය දෙන ලදී.