ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එළිදරව් 13:14 - සිංහල කාලීන පරිවර්තනය

කඩු පහරින් තුවාල ලද මුත්, තවමත් ජීවත් වූ මෘගයාගේ පිළිමයක් සාදන්නට කීමෙන්, පළමු මෘගයා උදෙසා සිදු කරන්නට බලය ලැබ තිබූ හාස්කම් ලකුණුවලින් ඌ පොළෝ වාසීන් රැවටී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෘගයා ඉදිරියෙහි කරන්නට ඉඩ දෙන ලද හාස්කම් මඟින් ඌ ලෝවැසියන් මුළා කෙළේ ය. කඩුපහර ලැබූ නමුත් තවමත් ජීවත් වන මෘගයා සඳහා රූපයක් පිහිටුවීමට පොළෝ වැසි සියල්ලන්ට ඌ නියම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෘගයා ඉදිරියෙහි කරන්නට ඉඩ දෙන ලද හාස්කම් මඟින් ඌ ලෝවැසියන් මුළා කෙළේ ය. කඩුපහර ලැබූ නමුත් තවමත් ජීවත් වන මෘගයා සඳහා රූපයක් පිහිටුවීමට පොළෝ වැසි සියල්ලන්ට ඌ නියම කෙළේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කඩු පහර ලැබත් ජීවත්වූ මෘගයාට රූපයක් සාදන්ට ඕනෑයයි පොළොවේ වැසියන්ට කියමින්, මෘගයා ඉදිරියෙහි කරන්ට ලැබුණු හාස්කම් කරණකොටගෙන ඌ පොළොවේ වැසියන් මුළාකරන්නේය.

පරිච්ඡේදය බලන්න



එළිදරව් 13:14
29 හුවමාරු යොමු  

දෙවියන් යයි කියනු ලබන හැමට හා නමස්කාර කරනු ලබන හැම දේට එරෙහිව ඔහු තමාම උසස් කර ගනිමින්, දෙවියන්වහන්සේගේ මාලිගයේ අසුන් ගන්නේ තමා දෙවියන් යයි කියා පාමිනි.


ඒ මහ මකරා පහළට හෙළා දමනු ලැබී ය; මුළු ලෝකයේම රවටන්නා වූ යක්ෂයා හෙවත් සාතන් නමින් හැඳින් වූ ඒ පුරාණ සර්පයා පොළොවට හෙළා දමනු ලැබී ය. උගේ දූතයෝ ද ඌ සමඟ හෙළා දමනු ලැබූහ.


මකරා මුහුදු වැල්ලේ සිට ගත්තේ ය. එවිට, මෘගයකු මුහුදින් නැගී එනවා මම දුටිමි. ඌට අං දහයක් හා හිස් හතක් ද උගේ අංවල කිරීට දහයක් ද ඒ එක් එක් හිසෙහි දේවාපහාසික නාමයක් ද විය.


තවද පළමු මෘගයාගේ රූපයට කතා කරන්නට හැකි වන පිණිස හා මෘගයාගේ පිළිම රූපයට නමස්කාර නො කරන්නන් මරා දමනු ලබන පිණිස, මෘගයාගේ රූපයට පණ දෙන්නට ද ඌට බලය දෙන ලදී.


පොළෝ වාසී සියල්ලෝ, එනම් ලොව මැවූ තැන් පටන් මරා දමන ලද බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියනු නො ලැබූවෝ මෘගයාට නමස්කාර කරති.


ඔවුන්ගේ වධ වේදනාවේ දුම සදහට ම, සදාතනයට ම උඩට නැගෙයි. මෘගයාටත්, උගේ පිළිමයටත් නමස්කාර කරන්නන් වන උගේ නමේ සලකුණ ලබන්නන්ට දිවා හෝ රැයේ හෝ නිස්කලංකයක් නො ලැබේ.”


තුන් වන දේව දූතයෙක් ද ඔවුන් අනුව යමින්, උස් හඬින්, “යමෙක් මෘගයාටත්, උගේ රූපයටත් නමස්කාර කරයි නම්, තම නළලේ හෝ අතේ හෝ උගේ සලකුණ ලබයි නම්,


ගින්දර මිශ්‍ර වීදුරු සාගරයක පෙනුම වැනි වූවක් ද මෘගයාත්, උගේ පිළිමයත්, උගේ නමේ අංකයත් පරදා ජය ගත් අය දෙවියන්වහන්සේගේ වීණා අතැතිව, ඒ සයුර පසෙක සිටගෙන සිටිනු ද මම දුටුවෙමි.


එවිට මැඩියන් සේ පෙනුමැති අපවිත්‍ර ආත්ම තුන් දෙනෙක්, මකරාගේ කටින් ද මෘගයාගේ කටින් ද බොරු දිවැසිවරයාගේ කටින් ද නික්ම එනු මම දුටිමි.


එබැවින් පළමු දේව දූතයා ගොස්, තම පාත්‍රය පොළොව පිට වැගිරවී ය. එවිට මෘගයාගේ සලකුණ දැරූ, උගේ පිළිමයට නමස්කාර කළවුන් පිට පිළිකුල්, වේදනාකාරී වණ හට ගැනිණි.


පහනක එළිය, යළි කිසි දින නුඹ තුළ බැබළෙන්නේ නැත. මනාල මනාලියකගේ හඬ, කිසි දින යළි නුඹ තුළ ඇසෙන්නේ නැත. නුඹේ වෙළෙන්දෝ පොළොවේ ශ්‍රේෂ්ඨයින් වූහ. නුඹේ මන්තරවලින් හැම ජාතියක්ම මුළා කරනු ලැබිණ.


එහෙත් මෘගයා අල්ලා ගනු ලැබිණ. තවද මෘගයාගේ සලකුණ ලැබූ හා උගේ පිළිරුවට නමස්කාර කළවුන් රවටමින් මෘගයා ඉදිරියේ ඌ වෙනුවෙන් හාස්කම් ලකුණු පෑ බොරු දිවැසිවරයා ද අල්ලා ගනු ලැබිණි. ඔවුහු දෙදෙනා පණ පිටින්ම ඇවිළෙන ගෙන්දගමින් යුතු නිරාගිනි විලට හෙළනු ලැබූහ.


ඔබ විඳින්නට යන දෑ ගැන බය නො වන්න. ඔන්න! පරීක්ෂා කරනු සඳහා සාතන් ඔබෙන් ඇතැම් දෙනකු සිරගෙයි දමන්නට යයි; දහ දවසක් ඔබ පීඩා විඳිනු ඇත. මරණය දක්වාත් විශ්වාසවන්තව සිටින්න. එවිට ජීවනයේ ඔටුන්න මම ඔබට දෙන්නෙමි.


ඔවුන් මුළා කළ යක්ෂයා වනාහි මෘගයා හා බොරු දිවැසිවරයා ද සිටින ඇවිළෙන ගෙන්දගම් හා ගිනි විලට හෙළා දමනු ලැබිණි. සදහට ම, සදාතනිකව දිවා රෑ දෙක්හි ඔවුන් වධයට පත් කෙරේ.


ඉවසීමෙන් දරා සිටින්නට මා දුන් වචනය ඔබ රක්ෂා කළ බැවින්, මිහි පිට වෙසෙන්නවුන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිටට එන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන්, මමත් ඔබ රක්ෂා කරන්නෙමි.