“බොරු දිවැසිවරුන්ගෙන් පරෙස්සම් වන්න. ඔවුන් ඔබ වෙත එන්නේ බැටළු වෙසිනි. එහෙත් ඇතුළතින් ඔවුන් රුදුරු වෘකයින් ය.
එළිදරව් 13:11 - සිංහල කාලීන පරිවර්තනය ඉන්පසු තවත් මෘගයකු පොළොවෙන් මතු වී එනු මම දුටිමි. බැටළු පැටවකුගේ වැනි අං දෙකක් ඌට තිබිණ. එහෙත් ඌ මකරකු මෙන් කතා කළේ ය. Sinhala New Revised Version එවිට තවත් මෘගයෙකු පොළොවෙන් නැඟී එනු දිටිමි. බැටළු පැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබිණි. ඌ මකරෙකු මෙන් කතා කෙළේ ය. Sinhala New Revised Version 2018 එවිට තවත් මෘගයෙකු පොළොවෙන් නැඟී එනු දිටිමි. බැටළු පැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබිණි. ඌ මකරෙකු මෙන් කතා කෙළේ ය. Sinhala Revised Old Version තවත් මෘගයෙක් පොළොවෙන් නැගී එනවා දුටිමි; බැටළුපැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබුණේය, ඌ මහ සර්පයෙකු මෙන් කථාකෙළේය. |
“බොරු දිවැසිවරුන්ගෙන් පරෙස්සම් වන්න. ඔවුන් ඔබ වෙත එන්නේ බැටළු වෙසිනි. එහෙත් ඇතුළතින් ඔවුන් රුදුරු වෘකයින් ය.
එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති.
දෙවියන් යයි කියනු ලබන හැමට හා නමස්කාර කරනු ලබන හැම දේට එරෙහිව ඔහු තමාම උසස් කර ගනිමින්, දෙවියන්වහන්සේගේ මාලිගයේ අසුන් ගන්නේ තමා දෙවියන් යයි කියා පාමිනි.
ඔවුන් තම සාක්ෂිය නිම කළ විට, පතුලක් රහිත අගාධයෙන් නැගී එන මෘගයා ඔවුන් හා යුද්ධ කර, ඔවුන්ගෙන් ජය ගෙන, ඔවුන් මරා දමනු ඇත.
එවිට මකරා, ස්ත්‍රී කෙරේ කුපිතව, දෙවියන්වහන්සේගේ නියෝග පිළිපදින, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඇගේ වංශයේ ඉතිරි අය හා යුද්ධ කරන්නට ගියේ ය.
මකරා මුහුදු වැල්ලේ සිට ගත්තේ ය. එවිට, මෘගයකු මුහුදින් නැගී එනවා මම දුටිමි. ඌට අං දහයක් හා හිස් හතක් ද උගේ අංවල කිරීට දහයක් ද ඒ එක් එක් හිසෙහි දේවාපහාසික නාමයක් ද විය.
එසේ කළේ, මෘගයාගේ නාමය හෝ උගේ නමේ අංකය වන ඒ සලකුණ ඇතොත් මිස, මිලට ගැණුම් හෝ විකුණුම් හෝ කිසිවකුටත් කළ නො හැකි වන පිණිස ය.
මකරා තම ආධිපත්‍යය මෘගයාට දී තිබූ නිසා, ඔවුහු මකරාට නමස්කාර කළහ. ඔවුහු මෘගයාට නමස්කාර කරමින්, “මෘගයාට සමාන කවුරු ද? ඌට විරුද්ධව යුද්ධ කළ හැක්කේ කවරකුට දැ?” යි කීහ.
එවිට මැඩියන් සේ පෙනුමැති අපවිත්‍ර ආත්ම තුන් දෙනෙක්, මකරාගේ කටින් ද මෘගයාගේ කටින් ද බොරු දිවැසිවරයාගේ කටින් ද නික්ම එනු මම දුටිමි.
ඇය ශුද්ධවතුන්ගේ ලෙයින්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දැරූවන්ගේ ලෙයින් බීමත්ව සිටිනු මම දුටුවෙමි. ඇය දුටු කල, මම අතිශයින් පුදුම වීමි.
ඔබ දුටු මෘගයා සිටියේ ය; දැන් නැත. එහෙත්, පතුලක් රහිත වළෙන් නැගිට අවුත්, විනාශයට යන්නට ළඟ ය; ලෝකයේ අත්තිවාරමේ පටන් ජීවන පොතේ නාම නො ලියවුණු පොළෝ වාසීහු, මෘගයා දකින කල පුදුමයට පත් වන්නෝ ය. මන්ද ඌ සිටියේ ය; දැන් නැත; එහෙත් මතු එන්නේ ය.