එවිට පේතෘස් කතා කරමින්, “අනනියස්, ශුද්ධාත්මයාණන්වහන්සේට බොරු කියා, ඉඩම විකුණූ මිලෙන් කොටසක් ඔබ ළඟ තබා ගැනීමට සාතන් ඔබේ හදවත පිරවූයේ ඇයි?
එපීස 4:27 - සිංහල කාලීන පරිවර්තනය තවද යක්ෂයාට කිසිදු ඉඩක් නො දෙන්න. Sinhala New Revised Version යක්ෂයාට ඉඩ නොදෙන්න. Sinhala New Revised Version 2018 යක්ෂයාට ඉඩ නොදෙන්න. Sinhala Revised Old Version යක්ෂයාට ඉඩ නොදෙන්න. |
එවිට පේතෘස් කතා කරමින්, “අනනියස්, ශුද්ධාත්මයාණන්වහන්සේට බොරු කියා, ඉඩම විකුණූ මිලෙන් කොටසක් ඔබ ළඟ තබා ගැනීමට සාතන් ඔබේ හදවත පිරවූයේ ඇයි?
ප්‍රේමණීයයනි, පළි ගැනීමට නො යන්න; මන්ද, “පළි ගැනීම මා සතු ය. මම විපාක දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ කියන සේකැයි ලියා ඇති බැවින්, එය දෙවියන්වහන්සේගේ උදහසට බාර දෙන්න.
යක්ෂයාගේ උපාය මාර්ගවලට එරෙහිව නැගී සිටිනු හැකි වන පිණිස, දෙවියන්වහන්සේගේ සම්පූර්ණ සන්නාහයෙන් සන්නද්ධ වන්න.
ඒ සියල්ලට අමතරව ඇදහිල්ලේ පලිහ අතට ගන්න. නපුරාගේ සියලු ගිනිමය හී නිවා, මැඩලන්නට ඉන් ඔබට හැකි වෙයි.
එබැවින් දෙවියන්වහන්සේට යටත් වන්න; යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යනු ඇත.
සන්සුන්ව සිටින්න; විමසිල්ලෙන් සිටින්න. ඔබගේ සතුරා වූ යක්ෂයා කවරකු ගොදුරු කර ගනිම්දෝයි මාන බලමින්, ගොරවන සිංහයකු සේ ඔබ මොබ ගැවසෙයි.