ඔබේ නමස්කාරයට පාත්‍ර වූ වස්තූන් ඕනෑකමින් බලමින් මා ඒ මේ අත යද්දී, නාම පුවරුවක් ඇති පූජාසනයක් දැක්කා: නාඳුනන දෙවියකුට ය. දැන් මා ඔබට ප්‍රකාශ කරන්නට යන්නේ එසේ නෑඳින ඔබ නමස්කාර කරන දේ ගැනයි.
2 තෙසලෝනික 2:4 - සිංහල කාලීන පරිවර්තනය දෙවියන් යයි කියනු ලබන හැමට හා නමස්කාර කරනු ලබන හැම දේට එරෙහිව ඔහු තමාම උසස් කර ගනිමින්, දෙවියන්වහන්සේගේ මාලිගයේ අසුන් ගන්නේ තමා දෙවියන් යයි කියා පාමිනි. Sinhala New Revised Version ඔහු මිනිසුන් දෙවියන් කොට සලකන සියල්ලන්ට ද, මිනිසුන් නමස්කාර කරන සියල්ලන්ට ද විරුද්ධ ව සිට, ඒ හැමට වඩා තමා උසස් කරගනිමින්, දේව මාලිගාවෙහි වැඩහිඳ තමා දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ කරන්නේ ය. Sinhala New Revised Version 2018 ඔහු මිනිසුන් දෙවියන් කොට සලකන සියල්ලන්ට ද, මිනිසුන් නමස්කාර කරන සියල්ලන්ට ද විරුද්ධ ව සිට, ඒ හැමට වඩා තමා උසස් කරගනිමින්, දේව මාලිගාවෙහි වැඩහිඳ තමා දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ කරන්නේ ය. Sinhala Revised Old Version ඔහු, දෙවියන්වහන්සේයයි කියනු ලබන්නාවූ නොහොත් නමස්කාරකරනු ලබන්නාවූ සියල්ලන්ට විරුද්ධව සිට, ඒ සියල්ලන්ට වඩා තමාම උසස්කරගෙන, දේවමාළිගාවෙහි වාඩිවී හිඳ, තමා දෙවිව සිටින්නේයයි පෙන්වන්නේය. |
ඔබේ නමස්කාරයට පාත්‍ර වූ වස්තූන් ඕනෑකමින් බලමින් මා ඒ මේ අත යද්දී, නාම පුවරුවක් ඇති පූජාසනයක් දැක්කා: නාඳුනන දෙවියකුට ය. දැන් මා ඔබට ප්‍රකාශ කරන්නට යන්නේ එසේ නෑඳින ඔබ නමස්කාර කරන දේ ගැනයි.
ස්වර්ගයේ හෝ පොළොවේ දෙවිවරුන් ය කියනු ලබන්නන් සිටියත්, සැබවින් ම කියතහොත් එවැනි “දෙවිවරුන්” හා “ස්වාමිවරුන්” අපමණවත් ඇත,