අපගේ අනුමැතියක් නො මැතිව අප වෙතින් පැමිණි ඇතමකු, යම් යම් දේ පවසමින් ඔබ කලඹා, ඔබ සිත් අවුල් කළ වග අපට අසන්නට ලැබිණි.
2 තිමෝති 3:8 - සිංහල කාලීන පරිවර්තනය යන්නෙස් හා යම්බ්‍රෙස් මෝසෙස්ට එරෙහිව වූ ලෙස මොවුහු ද සත්‍යයට එරෙහිවූ, දූෂිත මනසින් යුත්, ඇදහීම සම්බන්ධයෙන් නුසුදුස්සන් වූහ. Sinhala New Revised Version යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධ වූවාක් මෙන්, මොවුහු සත්‍යයට විරුද්ධ ව සිටිති. ඔවුන්ගේ සිත් දූෂණය වී ඇත. ඔවුන්ගේ ඇදහිල්ල හිස් දෙයකි. Sinhala New Revised Version 2018 යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධ වූවාක් මෙන්, මොවුහු සත්‍යයට විරුද්ධ ව සිටිති. ඔවුන්ගේ සිත් දූෂණය වී ඇත. ඔවුන්ගේ ඇදහිල්ල හිස් දෙයකි. Sinhala Revised Old Version යන්නෙස් සහ යම්බ්‍රෙස් මෝසෙස්ට විරුද්ධව සිටියාක්මෙන් මොව්හු සැබෑවට විරුද්ධව සිටිති; මොව්හු දූෂ්‍ය සිත් ඇත්තාවූ ඇදහිල්ල සම්බන්ධව නිෂ්ප්‍රයෝජනවූ මනුෂ්‍යයෝය. |
අපගේ අනුමැතියක් නො මැතිව අප වෙතින් පැමිණි ඇතමකු, යම් යම් දේ පවසමින් ඔබ කලඹා, ඔබ සිත් අවුල් කළ වග අපට අසන්නට ලැබිණි.
තවද දෙවියන්වහන්සේ තම අවබෝධයෙහි රඳවා ගැනීම වටනේයයි ඔවුන් නො සිතූ බැවින්, නො කළ යුතු දෑ කරන පිණිස, නීච මනසකට දෙවියන්වහන්සේ ඔවුන් අත්හළ සේක.
එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති.
එසේ වූ කල, අප තවදුරටත් මිනිසුන්ගේ කූට උපා මාර්ගවල කපටකම් හා ප්‍රයෝගවලින් ද සකල බොරු ඉගැන්වීම් නැමති සුළඟින් ද ඒ මේ අත ගසාගෙන යන, රළ රැළිවලින් ඈත මෑත විසිවන බාලයින් මෙන් නො වනු ඇත.
එසේ කළ යුත්තේ ඇදහිල්ලෙන් හා පවිත්‍ර හෘදය සාක්ෂියකින් යුතුව ය. එය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතැම්හු තම ඇදහිල්ලේ නැව මුහුදුබත් කර ගත්හ.
භක්තිවන්තකම ලාභ ඉපැයීමේ මාර්ගයකැයි සිතන, සත්‍යයෙන් ගිලිහී ගියාවූත්, මනස් දූෂිතවූත් මිනිසුන් අතර නිරන්තර අඩ දබරවලට ද මඟ පෑදෙයි.
මන්ද පුහු කතාකරුවන් වූ, රැවටිලිකාර හිතුවක්කරුවන් බොහෝ දෙනෙක් වෙති; විශේෂයෙන් ඒ චර්මඡේදිත කණ්ඩායමේ අය ය.
තමන් දෙවියන්වහන්සේ දනිතැයි ඔවුහු කියා ගනිති. එහෙත් තම ක්‍රියාවලින් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරති. ඔවුන් පිළිකුලක් ය; අකීකරු ය; කිසි යහපත් ක්‍රියාවකට නුසුදුසු ය.
ඔවුහු ලිංගික තෘෂ්ණා පිරුණු ඇසින් යුතුව සෑහීමක් නැතිව පවෙහි ගැලෙති; අස්ථිරවූවන් වරදට පොලඹවති. ඔවුහු තණ්හාවට පුහුණු කර ගත් සිත් ඇත්තෝ ය; ශාප ලත් දරුවෝ ය.
දරුවනි, මේ අවසාන පැයයි. ව්‍යාජ-ක්‍රිස්තුස් ගැන ඔබ අසා ඇති පරිදි, දැනටම ව්‍යාජ-ක්‍රිස්තුවරු බොහෝ දෙනෙක් පැමිණ සිටිති. මේ අවසන් පැය බව අප දන්නේ එනිසා ය.
ප්‍රේමණීයයනි, හැම ආත්මයක්ම විශ්වාස නො කරන්න. ඔවුන් දෙවියන්වහන්සේ වෙතින් ද යන වග පරීක්ෂා කර බලන්න. මන්ද බොරු දිවැසිවරුන් බොහෝ දෙනෙක් ලෝකයට ගොස් සිටිති.
“එහෙත් තමා දිවැසිවරියකැයි ඇයම කියා ගන්නා, අර යෙසබෙල් ස්ත්‍රියට අවකාශ දීම ඔබට එරෙහිව මට තියේ. ඈ සිය ඉගැන්වීම් මඟින් ලිංගික අනාචාරකම් කිරීමටත්, පිළිමවලට යාග කළ පිදේනි කෑමටත් මාගේ දාසයින් නොමග යවන්නී ය.