බොහෝ දෙනකුගේ යාච්ඤා මඟින් අපට ප්‍රදාන කරන ලද ආශිර්වාද ගැන, අප හේතු කොට බොහෝ දෙනකු ස්තුති කරන පිණිස, ඔබත් යාච්ඤාවෙන් අපට උපකාර කළ යුතු ය.
2 කොරින්ති 9:12 - සිංහල කාලීන පරිවර්තනය මන්ද මෙම සේවයේදී ඔබ කරන මෙහෙයෙන්, ශුද්ධවතුන්ගේ අවශ්‍යතා සපිරෙනවා පමණක් නො වේ. එයින් දෙවියන්වහන්සේට බොහෝ ස්තුති දීම් ද පිටාර ගලයි. Sinhala New Revised Version සැදැහැවතුන්ගේ මේ උපස්ථාන සේවාවෙන් අගහිඟකම පිරිමැසෙනවා පමණක් නොව දෙවියන් වහන්සේට බොහෝ ස්තුති දීම ද හටගන්නේ ය. Sinhala New Revised Version 2018 සැදැහැවතුන්ගේ මේ උපස්ථාන සේවාවෙන් අගහිඟකම පිරිමැසෙනවා පමණක් නොව දෙවියන් වහන්සේට බොහෝ ස්තුති දීම ද හටගන්නේ ය. Sinhala Revised Old Version මක්නිසාද මේ උපස්ථානකිරීමේ සේවයෙන් ශුද්ධවන්තයන්ගේ හිඟකම පිරිමැසෙනවා පමණක් නොව දෙවියන්වහන්සේට බොහෝ ස්තුතිදීම්ද උපදින්නේය. |
බොහෝ දෙනකුගේ යාච්ඤා මඟින් අපට ප්‍රදාන කරන ලද ආශිර්වාද ගැන, අප හේතු කොට බොහෝ දෙනකු ස්තුති කරන පිණිස, ඔබත් යාච්ඤාවෙන් අපට උපකාර කළ යුතු ය.
ක්‍රිස්තුස්වහන්සේගේ දුක්-පීඩාවලට අප අධික ලෙස පංගුකාර වන්නේ යම් සේ ද, එලෙසම ක්‍රිස්තුස්වහන්සේ මඟින් සැනසිල්ලටත් අපි අධික ලෙස පංගුකාර වන්නෙමු.
මගේ උපකාරයට ඔබේ නියෝජිතයා වශයෙන් ඔබ මා වෙත එවූ එපප්‍රොදිතස්, ඔබ වෙත ආපසු එවීම යුතු යැයි සිතුවෙමි. ඔහු මාගේ සහෝදරයා ය; මගේ සේවයේ හවුල්කරුවා හා හවුල් හේවායා ය.
ලෞකික ධනය හිමි කෙනෙක් තම සහෝදරයාගේ අග හිඟකම් දැක, ඔහු ගැන තම හදවත වසා ගනී නම්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේ ද?