මට හිමි දෙයින් මා කැමති දෙයක් කරන්නට මට අයිතිය නැද්ද? නැතහොත් මගේ ත්‍යාගශීලීත්වය ගැන ඔබ ඊර්ෂ්‍යා කරනවා දැ?’ යි ඇසී ය.
2 කොරින්ති 9:11 - සිංහල කාලීන පරිවර්තනය ඔබගේ මුළු ත්‍යාගවන්ත භාවයට, හැම අතින්ම ඔබ පොහොසත් කරනු ලබනු ඇත. එමඟින් අප තුළින් දෙවියන්වහන්සේට ස්තුති දීම් උපද්දවනු ඇත. Sinhala New Revised Version මෙලෙස ඔබ සියල්ලෙහි දී ත්‍යාගශීලී වන පිණිස දෙවියන් වහන්සේ ඔබ බහුල ලෙස ධනවත් කරන සේක. එවිට අප මඟින් කරන ලද මේ දේ නිසා දෙවියන් වහන්සේට තුති පැසසුම් ඇති වේ. Sinhala New Revised Version 2018 මෙලෙස ඔබ සියල්ලෙහි දී ත්‍යාගශීලී වන පිණිස දෙවියන් වහන්සේ ඔබ බහුල ලෙස ධනවත් කරන සේක. එවිට අප මඟින් කරන ලද මේ දේ නිසා දෙවියන් වහන්සේට තුති පැසසුම් ඇති වේ. Sinhala Revised Old Version මෙසේ නුඹලා සියලු ත්‍යාගවන්තකමට සියලු ආකාරයෙන් පොහොසත් වන්නහුය, එය අප කරණකොටගෙන දෙවියන්වහන්සේට ස්තුති උපදවන්නේය. |
මට හිමි දෙයින් මා කැමති දෙයක් කරන්නට මට අයිතිය නැද්ද? නැතහොත් මගේ ත්‍යාගශීලීත්වය ගැන ඔබ ඊර්ෂ්‍යා කරනවා දැ?’ යි ඇසී ය.
එය, දිරිගැන්වීම නම්, දිරිගන්වත්වා. ආධාර දෙන්නා, ත්‍යාගශීලීව දෙත්වා. නායකත්වය දෙන්නා උද්යෝගිමත්ව ඒ කටයුතු කරත්වා. දයාව දක්වන්නා සතුටු සිතින් එසේ කරත්වා.
සියලු කතාවෙහි ද සියලු දැනගැන්මෙහි ද හැම අතින්ම ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ සමෘද්ධිමත් කරනු ලැබ ඇත්තේ,
බොහෝ දෙනකුගේ යාච්ඤා මඟින් අපට ප්‍රදාන කරන ලද ආශිර්වාද ගැන, අප හේතු කොට බොහෝ දෙනකු ස්තුති කරන පිණිස, ඔබත් යාච්ඤාවෙන් අපට උපකාර කළ යුතු ය.
මන්ද දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, වඩ වඩා බොහෝ ජනතාවක් වෙත පැතිර යෑමෙන්, දෙවියන්වහන්සේගේ තේජෝමහිමයට නැගෙන ස්තුති දීම් අධික වන පිණිස මේ සියල්ල ඔබ උදෙසා ය.
එපමණක් නො වේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසාත්, අපගේ උනන්දුව පෙන්නුම් කිරීමටත් අප විසින් මෙහෙය වන මෙම අනුග්‍රහයේ සහනාධාරය රැගෙන අප හා යෑමට සභා විසින් මොහු පත් කරනු ලැබ ඇත.
මන්ද මෙම සේවයේදී ඔබ කරන මෙහෙයෙන්, ශුද්ධවතුන්ගේ අවශ්‍යතා සපිරෙනවා පමණක් නො වේ. එයින් දෙවියන්වහන්සේට බොහෝ ස්තුති දීම් ද පිටාර ගලයි.