ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 8:18 - සිංහල කාලීන පරිවර්තනය

ශුභාරංචිය ප්‍රකාශ කිරීම ගැන සියලු සභා අතර ජනප්‍රිය සහෝදරයා ද අපි ඔහු සමඟ එවන්නෙමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද ධර්මදූත සේවය පිළිබඳ ව සියලු සභාවලින් ප්‍රශංසාව ලබා ඇති සහෝදරයෙකු ද අපි ඔහු සමඟ එවමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද ධර්මදූත සේවය පිළිබඳ ව සියලු සභාවලින් ප්‍රශංසාව ලබා ඇති සහෝදරයෙකු ද අපි ඔහු සමඟ එවමු.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

තවද ශුභාරංචිය ගැන සියලු සභාවලින් ප්‍රශංසාව ලබන සහෝදරයා ඔහු සමඟ එවීමුව;

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 8:18
8 හුවමාරු යොමු  

මාගේ ජීවිතය උදෙසා තම ගෙල පරදුවට තැබූ ඔවුන්ට මා පමණක් නො ව, අන්‍ය-ජාතික සියලු සභා කෘතඥ වෙති.


මා ආ කල, ඔබේ ඒ දීමනා, රැගෙන යෑමට සුදුස්සන් යයි ඔබේ අනුමැතිය ලද්දවුන්, ලිපි සමඟ යෙරුසලමට යවන්නෙමි.


හැම තැන හැම සභාවකම මා උගන්වන පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ මා අනුගමන කරන ප්‍රතිපත්ති ඔබට නැවත මතක් කර දීමට ස්වාමින්වහන්සේ තුළ මා ප්‍රේමණීය, විශ්වාසවන්ත දරුවා වන තිමෝති මා ඔබ වෙත එවන්නේ එබැවිනි.


හැම කෙනකුම ස්වාමින්වහන්සේ එකිනෙකාට පැවරූ ප්‍රකාරයට, තමාට දෙවියන්වහන්සේගේ කැඳවීමට අනුව, ජීවිතය ගෙන යා යුතු ය. සියලු සභා තුළ මාගේ නියෝගය මෙයයි.


ඔබ වෙත යන්නැයි තීතස්ගෙන් ඉල්ලූ මම, අපගේ සහෝදරයාත් ඔහු සමඟ එවීමි. තීතස්, ඔබෙන් වාසියක් ලබා ගත්තා ද? අපි එකම ආත්මයකින් යුතුව ක්‍රියා නො කළෙමු ද? එකම පියවර නො ගත්තෙමු ද?


ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය දේශනා කරන්නට මා ත්‍රෝවසට ආ කල, ස්වාමින්වහන්සේ තුළ එහි මට දොරක් විවරව තිබුණ ද,


එපමණක් නො වේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසාත්, අපගේ උනන්දුව පෙන්නුම් කිරීමටත් අප විසින් මෙහෙය වන මෙම අනුග්‍රහයේ සහනාධාරය රැගෙන අප හා යෑමට සභා විසින් මොහු පත් කරනු ලැබ ඇත.