2 කොරින්ති 7:8 - සිංහල කාලීන පරිවර්තනය මගේ ලිපියෙන් මා ඔබ ශෝකයට පත් කළ නමුදු, ඒ ගැන කණගාටු නො වෙමි. මා කණගාටු වුවත්, මගේ ලිපියෙන් ඔබ ශෝක වුවත්, ඒ මද වෙලාවකට පමණක් වග මට පෙනේ. Sinhala New Revised Version මාගේ ලිපිය නිසා ඔබට සිත් වේදනාවක් ඇති වූ නමුත් ඒ ගැන කණගාටු නොවෙමි. ඒ ලිපිය නිසා ටික කලකට පමණක් සිත් වේදනාවක් ඔබට ඇති වූ බව මම දනිමි. Sinhala New Revised Version 2018 මාගේ ලිපිය නිසා ඔබට සිත් වේදනාවක් ඇති වූ නමුත් ඒ ගැන කණගාටු නොවෙමි. ඒ ලිපිය නිසා ටික කලකට පමණක් සිත් වේදනාවක් ඔබට ඇති වූ බව මම දනිමි. Sinhala Revised Old Version මෙසේ මම ඒ ලියුමෙන් නුඹලා ශෝකයට පැමිණෙවු නිසා කනගාටුවූ නුමුත්, දැන් කනගාටු නොවෙමි; කලකට පමණක් වුවත් ඒ ලියුම නුඹලා ශෝකයට පැමිණෙවු බව මට පෙනේ. |
උන්වහන්සේ තුන් වන වරටත්, “සීමොන්, යොහන්ගේ පුත්‍රය, ඔබ මට ආදරේ දැ?” යි ඔහුගෙන් ඇසූ සේක. උන්වහන්සේ තුන් වන වරටත්, “ඔබ මට ආදරේ කරනවා දැ?” යි ඇසූ බැවින් පේතෘස්ගේ සිත රිදිණි. ඔහු උන්වහන්සේ අමතා, “ස්වාමිනි, ඔබතුමා හැම දෙයක්ම දනී; මා ඔබට ආදරේ කරන වග ඔබතුමා දන්නවා” යි කීවේ ය. යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “මාගේ බැටළුවන් පෝෂ්‍ය කරන්න.
මෙම දේව කැමැත්තට අනුකූල වූ ශෝකය ඔබ තුළ කෙතරම් උනන්දුවක් උපදවා ඇත්දැයි බලන්න. ඔබ නිදොස් කර ගැනීමේ කෙතරම් උනන්දුවක්, කෙතරම් හෙළා දැකීමක්, කෙතරම් බයක්, කෙතරම් දැඩි ආශාවක්, කෙතරම් උද්යෝගයක් හට ගැනුනා ද? කවර නම් දඬුවම් දීමක් ද! මේ කාරණයේදී හැම අංශයකින්ම ඔබේ නිදොස් වග ඔබම ඔප්පු කර තිබේ.
මා ඔබට ලියූ නමුදු, එසේ කළේ වරද කළ තැනැත්තා උදෙසා නො වේ; වරද විඳි තැනැත්තා උදෙසා ද නො වේ. දෙවියන්වහන්සේ හමුවේ අප කෙරේ ඇති ඔබගේ උනන්දුව ඔබටම එළිදරවු වීම සඳහා ය.
ඔහුගේ පැමිණීම පමණකින් නො වේ; ඔබ විසින් ඔහු සනසවන ලද සැනසිල්ල ද ඔබගේ ආශාවත්, ඔබගේ ශෝකයත්, මා වෙත ඇති ඔබගේ උද්යෝගයත් ගැන ඔහු පැවසීමෙන්, මාගේ ප්‍රීතිය වඩාත් අධික විය.
එහෙත් දැන්, මා ඒ ගැන ප්‍රීති වන්නේ ඔබ ශෝකයට පත් වූ නිසා නො ව, ඒ ශෝකය ඔබට පසුතැවිල්ලට මං සැලසූ නිසා ය. මන්ද අපෙන් ඔබට කිසිදු හානියක් සිදු නො වන පිණිස, ඔබ දේව කැමැත්තට අනුකූල වූ ශෝකයක් දැරූ නිසා ය.