එවිට ඔවුහු, උන්වහන්සේගේ මුහුණට කෙළ ගැසූහ; මිට මොළවා පහර දුන්හ. සෙසු අය උන්වහන්සේට අත්මිටින් පහර දෙමින්,
2 කොරින්ති 12:7 - සිංහල කාලීන පරිවර්තනය එම අනුපමේය එළිදරවු වීම් හේතුවෙන් මා අහංකාර නො වන පිණිස, මට වධ දීමට මාගේ මාංසයට කටුවක් හෙවත් සාතන්ගේ දූතයකු දෙනු ලැබ සිටිමි. ඒ, පමණට වඩා මා අහංකාර නො වන පිණිස ය. Sinhala New Revised Version ඒ එළිදරව් කිරීම්වල අති උතුම්කම කරණකොටගෙන, මා හිස උදුම්මා නොගන්නා පිණිස, මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි, ශරීරයේ කාවැදුණු කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ ය. එසේ වූයේ මා හිස උදුම්මා නොගන්නා පිණිස ය. Sinhala New Revised Version 2018 ඒ එළිදරව් කිරීම්වල අති උතුම්කම කරණකොටගෙන, මා හිස උදුම්මා නොගන්නා පිණිස, මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි, ශරීරයේ කාවැදුණු කටුවක් හා සමාන පීඩාවක් මට දෙන ලද්දේ ය. එසේ වූයේ මා හිස උදුම්මා නොගන්නා පිණිස ය. Sinhala Revised Old Version තවද ඒ එළිදරව්කිරීම්වල අතිශය උතුම්කම කරණකොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහරදීමට සාතන්ගේ දූතයෙකු වැනිවූ උලක් මාගේ මාංසයෙහි මට දෙනලද්දේය, ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය. |
එවිට ඔවුහු, උන්වහන්සේගේ මුහුණට කෙළ ගැසූහ; මිට මොළවා පහර දුන්හ. සෙසු අය උන්වහන්සේට අත්මිටින් පහර දෙමින්,
එවිට යේසුස්වහන්සේ, “සාතන්, අහක්ව යව. මන්ද, ‘ඔබේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට පමණක් නමස්කාර කරනු; උන්වහන්සේට පමණක් සේවය කරනු’ කියා ලියා තිබේ” යි ඔහුට කී සේක.
එසේ නම් ආබ්‍රහම්ගේ දියණියක වන මැය, සාතන් විසින් දහඅට වසරක් බැඳ තබන ලද ඒ බන්ධනයෙන් සබත් දවසක මුදා හැරීම යුතු නැද්දැ?” යි පැවසූ සේක.
මේ වත්මන් පැය දක්වාත් අපට සාගින්න ය; පිපාසය ය. අප අඳින්නේ දුප්පත් අයුරිනි. පහර කෑමට ලක්ව, ගෙයක්-දොරක් නැතිව සිටින්නෙමු;
ඔබ, ඒ පුද්ගලයාගේ ශරීරය විනාශ වීමට සාතන්ට බාර දිය යුත්තේ, ස්වාමින්වහන්සේගේ දවසේදී ඔහුගේ ආත්මය ගැලවෙන පිණිස ය.
මන්ද ඔවුන් මා ගැන කියන්නේ, “ඔහුගේ ලිපි නම් හරබර ය; බලවත් ය; එහෙත් ඔහුගේ ශාරීරික පෙනුම දුර්වල ය; කතාවට ද ඔහු අදක්ෂ ය” කියා ය.
දෙවියන්වහන්සේ පිළිබඳ අවබෝධයට එරෙහිව නැගෙන තර්ක හා අහංකාර මත හැමකක් එමඟින් බිඳ හෙළා, හැම සිතිවිල්ලක්ම ක්‍රිස්තුස්වහන්සේට කීකරු කරවන පිණිස, අප ඒවා වහල් කොට ගන්නේ,
මන්ද යමකු ඔබ වහලකු කර ගත්තත්, යමකු ඔබ ගිල දැමුවත්, ඔබෙන් අයුතු ප්‍රයෝජන ගත්තත්, යමෙක් ඔබට අධිපතිකම් පෑවත්, ඔබට අතුල් පහර දුන්නත් ඔබ ඒ සියල්ලම දරා ගනිති.
පාරට්ටුවෙන් ඇති ප්‍රයෝජනයක් නැතත්, තවදුරටත් පාරට්ටු කර ගැනීමට යුතුව ඇත. ස්වාමින්වහන්සේගේ දර්ශන හා එළිදරවු වීම් ගැන මම පවසන්නෙමි.
ඔහු අලුත් ඇදහිලිවන්තයකු නො විය යුතු ය. නැතහොත් ඇතැම් විට ඔහු මානයෙන් උදම් වී, යක්ෂයා ලද දඬුවමටම පත් විය හැකි බැවිනි.