ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 කොරින්ති 1:18 - සිංහල කාලීන පරිවර්තනය

දෙවියන්වහන්සේ විශ්වාසනීය වග සැබෑ සේ ම, අප ඔබට පැවසූ වචනය, “ඔව්” හා “නැහැ” යන්නක් නො වේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සත්‍යවාදී දෙවියන් වහන්සේ විශ්වාසවන්ත සේ ම අපගේ වචනය ‘ඔව්’ ‘නැහැ’ කියා දෙගිඩියාවෙන් කියන්නක් නොවේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සත්‍යවාදී දෙවියන් වහන්සේ විශ්වාසවන්ත සේ ම අපගේ වචනය ‘ඔව්’ ‘නැහැ’ කියා දෙගිඩියාවෙන් කියන්නක් නොවේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් දෙවියන්වහන්සේ විශ්වාසව සිටින සේම නුඹලා වෙතට පැමිණෙන අපේ වචනය එසේය කියාද නැත කියාද නොවේ.

පරිච්ඡේදය බලන්න



2 කොරින්ති 1:18
10 හුවමාරු යොමු  

දේව මාලිගාවේ උගන්වමින් සිටි යේසුස්වහන්සේ උස් හඬ නගමින්, “ඔබ මා දන්නවා; මා ආවේ කොහේ සිටදැයි ඔබ දන්නවා. මා ආවේ මගේම කැමැත්තෙන් නො වෙයි. මා එවූ තැනැන්වහන්සේ සත්‍යයයි. ඔබ උන්වහන්සේ හඳුනන්නේ නැහැ.


ඔබ ගැන කියන්නට හා විනිශ්චය කරන්නට බොහෝ දෑ මට තිබේ. එහෙත් මා එවූ තැනැන්වහන්සේ සත්‍ය ය; මා ලෝකයට ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගෙන් මා ඇසූ දේ යැ” යි පැවසූ සේක.


ස්වකීය පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ සමඟ සහභාගිත්වය තුළට ඔබ කැඳවූ දෙවියන්වහන්සේ විශ්වාසනීය ය.


යළිත් මා කොරින්තිය වෙත පැමිණීමෙන් වැළකුණේ, ඔබගේ සිත් නො රිදවීමට බැව් සාක්ෂි දීමට මම දෙවියන්වහන්සේට හඬ ගසමි.


මා බොරු නො කියන බැව් යේසුස් අප ස්වාමින්වහන්සේගේ පියාණන්වහන්සේ හා දෙවියන්වහන්සේත් වන සදහට ම ප්‍රශංසනීය තැනැන්වහන්සේ දන්නා සේක.


මන්ද දෙවියන්වහන්සේ විසින් යවන ලද අවංක මිනිසුන් හැටියට, දෙවියන්වහන්සේ ඉදිරියේ ක්‍රිස්තුස්වහන්සේ තුළ කතා කරන්නන් විනා, අන් බොහෝ දෙනකු මෙන් අප දෙවියන්වහන්සේගේ වචනය ලාභ ලබන වෙළඳ බඩුවක් කරගෙන නැත.


ගෞරවය මැද්දේ හා අගෞරවය මැද්දේ ය; අපහාස හා පැසසුම් මැද්දේ ය; සත්‍යවාදී වුවත්, වංචනිකයින් සේ සලකනු ලැබීමෙනි;


තවද අප සත්‍යය වූ තැනැන්වහන්සේ දැනගන්නා පිණිස, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මෙලොවට පැමිණ, අපට අවබෝධය දුන් වග ද අපි දනිමු. අප, සත්‍ය වූ තැනැන්වහන්සේ තුළ ය; උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ය; සත්‍ය වූ දෙවියන්වහන්සේ ද සදාතනික ජීවනය ද උන්වහන්සේ ය.


“ලවොදීසියා සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මූල-නිධානය වූ විශ්වාසවන්ත, සත්‍ය සාක්ෂිකරු වූ ආමෙන් නැමැත්තාගේ වචන මෙසේ ය.


“පිලදෙල්පියා සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “දාවිත්ගේ යතුර ඇති, කිසිවකුටත් වැසිය නො හැකි සේ විවර කරන, කිසිවකුටත් විවර කළ නො හැකි සේ වසා දමන ශුද්ධවූත්, සත්‍යවූත් තැනැත්තාණන්ගේ වචන මෙසේ ය.