1 යොහන් 5:21 - සිංහල කාලීන පරිවර්තනය ප්‍රිය දරුවනි, පිළිම රූපවලින් දුරුව සිටින්න. Sinhala New Revised Version මාගේ ප්‍රිය දරුවෙනි, බොරු දෙවිවරුන්ගෙන් පරිස්සම් වී සිටින්න. Sinhala New Revised Version 2018 මාගේ ප්‍රිය දරුවෙනි, බොරු දෙවිවරුන්ගෙන් පරිස්සම් වී සිටින්න. Sinhala Revised Old Version මාගේ පිය දරුවෙනි, දේවතා රූපවලින් දුරුව සිටින්න. |
“ජනයා කන්නටත්, බොන්නටත් වාඩිගෙන, සැප සෙල්ලමට නැගී ගියහ” යි ලියා තිබෙන ලෙස: ඔවුන්ගෙන් ඇතමුන් සේ රූප වඳින්නන් නො වන්න.
මන්ද ඔබ කෙලෙස අප පිළිගත්තේ ද ජීවමාන වූ සත්‍යයම දෙවියන්වහන්සේට මෙහෙ කරන පිණිස පිළිම රූප වෙතින් ඔබ කෙලෙස දෙවියන්වහන්සේ වෙත හැරුණේ ද
මා ප්‍රිය දරුවනි, මේවා මා ඔබට ලියන්නේ, ඔබ පව් නො කරන පිණිස ය. එහෙත් යමකු පව් කළොත්, ධර්මිෂ්ඨ වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ නම් මැදහත්කාරයාණන් කෙනෙක් අප උදෙසා පියාණන්වහන්සේ වෙත සිටින සේක.
ඔවුන්ගේ වධ වේදනාවේ දුම සදහට ම, සදාතනයට ම උඩට නැගෙයි. මෘගයාටත්, උගේ පිළිමයටත් නමස්කාර කරන්නන් වන උගේ නමේ සලකුණ ලබන්නන්ට දිවා හෝ රැයේ හෝ නිස්කලංකයක් නො ලැබේ.”
මෙම පීඩාවලින් නො මැරී ඉතිරි වූ මනුෂ්‍ය වර්ගයා ඔවුන්ගේ අත්වල වැඩ ගැන පසුතැවිලි වූයේ නැත. ඔවුහු යක්ෂාත්මයන්ට ද කතා කරන්නට හෝ අසන්නට හෝ ඇවිදින්නට හෝ බැරි රනින්, රිදීයෙන්, ලෝකඩයෙන්, ගලින් හා ලීයෙන් තැනූ දේවතා පිළිමවලට ද නමස්කාර කිරීමෙහි නැවතුණේ ද නැත.